Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් ආදේශ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ආබාධයකට ලක්ව සිටින ළහිරු තිරිමාන්න නැවතත් ශ‍්‍රී ලංකාවට යැවීමට පියවර ගෙන ඇති අතර එම ස්ථානයට කුසල් ආදේශ කර තිබේ.
කුසල් ජනිත් ඊයේ (06) පස්වරුවේ ශ‍්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටත්ව ඒමට නියමිත තිබුණි.
කුසල් එක්දින තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිලේ සුවිශේෂි ක‍්‍රීඩකයකු බවට පත්වෙමින් තරග පහේදී අර්ධ ශතකයක් සමගින් ලකුණු 142 ක් රැස් කිරීමට සමත් විය.
පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ දෙවැනි තරගය ආරම්භ වීමට පෙර පැවැති පුහුණු සැසියේදී තිරිමාන්න දකුණු කකුලේ වළලූකර ආබාධයකට ලක්වීමෙන් එක්දින තරග හකරකට සහ පළමු ටෙස්ට් තරගයට සහභාගි නොවීය.
ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන නුවන් කුලසේකර ද මස්පිඩු පෙරළීමේ ආබාධයකට ලක්ව නැවත ශ‍්‍රී ලංකාවට යැවීමට තීරණය කළ අතර ඒ ස්ථානයට වෙනත් ක‍්‍රීඩකයකු ආදේශ නොකරයි.
මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරිම් කමිටු සභාපති, හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පැවසුවේ තිරිමාන්න සහ කුලසේකර නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන බවත් ගුවන්යානා ආසන වෙන්කර ගැනීමට කාලය ගැනීමට සිදුවූ බවත්ය.
”තිරිමාන්නව නැවත ගෙන්වා ගැනීමට තීරණය කර දැන් දින කීපයක් වෙනවා. තිරිමාන්න ශ‍්‍රී ලංකාවට පැමිණ ආබාධයට ප‍්‍රතිකාර ලබාගත යුතුයි” යැයි ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියකු පැවසුවේ තිරිමාන්නගේ ආබාධයට මෙහිදී ලබාදුන් ප‍්‍රතිකාරවලින් සැළකිය යුතු ප‍්‍රගතියක් නොමැතිවීම නිසා වැඩි දුර ප‍්‍රතිකාර සදහා ශ‍්‍රී ලංකාවට යැවීමට තීරණය කළ බවයි.
තිරිමාන්න ආබාධයෙන් පසුව එක්දින තරග තුනක් සහ පළමු ටෙස්ට් තරගය අවසන් වන තෙක් සංචිතයේ රදවා තබා ගැනීමට කටයුතු කිරීම කැපී පෙනේ. පළමු ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසුව ද තිරිමාන්න බස් රථය වෙත ඉතාමත් සෙමින් ගමන් කරන ආකාරය දැකගත හැකි විය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (06) පෙරවරුවේ පළමු පුහුණු සැසියට සහභාගි විය. දෙවැනි ටෙස්ට් තරගය අනිද්දා (8) ආරම්භ වේ.
අබුඩාබිහිදී පැවැති දෙරට අතර පළමු ටෙස්ට් තරගය විසදුමකින් තොරව අවසන් වීම නිසා දෙවැනි තරගය පිළිබදව කණ්ඩායම් දෙකම දැඩි උනන්දුවෙන් පසු වන තත්ත්වයක් උදාවී තිබේ.
ශ‍්‍රී ලංකා පිල අද (07) පස්වරුවේ අවසන් පුහුණු සැසියට සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.