Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුසල් මෙන්ඩිස් රෝහලේ

කුසල් මෙන්ඩිස් රෝහලේ

editorial - 2022 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මිර්පූර් ටෙස්ට් තරගයේදී පන්දු රකිමින් සිටියදී හදිසියේම පපුව අල්ලාගත් කුසල් මෙන්ඩිස් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ.

දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට ස්වල්ප වේලාවකට පෙර, ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් වෙත කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල විසින් යොමුකරන ලද පන්දුව ඔහු රැකගත් නමුත් ඒ සමගම වාගේ කුසල් සිය පපුව අල්ලා ගත්තේය.

වේදනාව වැඩිවූ බැවින් ක්‍රීඩාගාරයෙන් ආධාර ඉල්ලා සිටි කුසල් වෙත දිව ආ ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ඒ  විගසින් ඉල්ලා සිටියේ  කුසල් ක්‍රීඩාගාරයට යා යුතු බවත් ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයකු පිටියට පැමිණිය යුතු බවත්ය.

පිටියෙන් ඉවත්වූ කුසල් මෙන්ඩිස්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය නිලධාරී හොසේන් චෞද්රි මහතාගේ උපදෙස් මත, වැඩිදුර පරීක්‍ෂණ සඳහා රෝහල්ගත කර ඇත. පිටියෙන් ඉවතට ගිය කුසල් වෙනුවට අතිරේක ක්‍රීඩකයකු වශයෙන් කමිඳු මෙන්ඩිස් පිටියට පැමිණියේය.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල වෛද්‍යවරයාගේ නිගමනය වී ඇත්තේ තරගයට පෙරදීත් කුසල් මෙන්ඩිස් විජලනයෙන් පෙළෙමින් සිටි බවයි. ඒ අනුව ඔහු කිසියම් අපහසුතාවකට පත්වී ඇති බවද වෛද්‍යවරයා පවසා තිබේ. කෙසේ වෙතත් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඔහුව රෝහල්ගත කර තිබේ.

චිතගොන් ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදීම (54 සහ 48) ලකුණු අතර සිටි කුසල් මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී දිමුත් කරුණාරත්න සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ද ගොඩනැංවීය.


- 213


අදහස් (0)

කුසල් මෙන්ඩිස් රෝහලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.