Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයේ අන්තර්ජාතික කි‍්‍රකට් තරග නැවතත් ආරම්භ කරමින් පාකිස්තානු දෙවැනි පෙළ කණ්ඩායමට එරෙහිව ක‍්‍රීඩා කිරීමට කෙන්යානු කණ්ඩායම සූදානම් වෙයි. ජාතික කි‍්‍රකට් කණ්ඩායමක් පාකිස්තානයේදී කී‍්‍රඩා කිරීමට සූදානම් වන්නේ ‘ලාහෝර්’ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් පාකිස්තානයේ කි‍්‍රකට් තරග නවතා වසර පහකට පසුවය.
වසර 2009 දී ශී‍්‍ර ලංකා කණ්ඩායම ගමන් ගත් බස්රථය ඉලක්ක කරමින් කරන ලද ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය නිසා 8 දෙනකු මියගිය අතර 9 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලද පිරිස අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් වූ කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර සහ තරග පරණවිතාණද වූහ.
පාකිස්තාන ක‍්‍රිකට් මණ්ඩලයේ සභාපති ශාරියාර් ඛාන් මහතා පවසන පරිදි ,කෙන්යානු ජාතික කණ්ඩායම ලබන මාසයේදි එක්දින තරග පහකට මුහුණ දීම සඳහා පාකිස්තානයට පැමිණෙයි. එහෙත් මෙම තරග නිල එක්දින ජාත්‍යන්තර තරග වශයෙන් නොසැලකේ.
කෙන්යානු කණ්ඩායම වරෙක එක්දින අන්තර්ජාතික තත්ත්වය ලබා සිටි නමුත් දස්කම් හීන වීම නිසා පසුගිය වසරේදී එම තත්ත්වය අහිමි කරගත්තේය.
වසර 2012 දී සහ ඉන් පසුව බංග්ලාදේශය දෙවතාවක්ම පාකිස්තානයේ සංචාරය කිරීමට සූදානම් වූ නමුත් එම අවස්ථා දෙකේදීම ආරක්‍ෂක හේතු දක්වමින් බංග්ලාදේශ පිල පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වැළකී සිටියේය. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී අයර්ලන්ත පිලද පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය සිටියත් ලාහෝර් ගුවන් තොටුපොළට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා එයද අවලංගු විය.
පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපති ශාරියාර් ඛාන් මහතා පසුගිය මාසයේදී ශී‍්‍ර ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවල සංචාරය කළේ පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා ඒ ඒ රටවල කි‍්‍රකට් කණ්ඩායම් පොළඹවා ගැනීමේ අටියෙනි.
කෙසේ වෙතත් කෙන්යානු පිලේ සංචාරය වෙනත් රටවල කණ්ඩායම් වෙනුවෙන් දොරටු විවර කිරීමට සමත් වනු ඇතැයි පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයා පැවසීය.
කෙන්යානු පිල දෙසැම්බර් 11 වැනිදා පාකිස්තානයට පැමිණෙන අතර සියලූම තරග ලාහෝර් නුවරදී පැවැත්වේ.
065
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.