Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සුල්කි හමීඩ් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (20 වැනිදා) පෙරවරුවේදී ජීවිතක්ෂයට පත්විය. මහතා මරදාන සහිරා විදුහල නියෝජනය කළ දක්ෂ රග්බි ක්‍රීඩකයකු වූ ඔහුගේ පියා වන ඊබ්‍රහීම් හමීඩ් මහතාද කොවිඩ් වයිරසය අසාදනය වීම හේතුවෙන් ඊයේ (19 වැනිදා) සිය දිවි ගමන නිමා කළේය.
1991 සහ 1992 යන වසරවලදී කොළඹ රාජකීය විදුහල් වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ සුල්කි හමීඩ්, කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසද කටයුතු කළේය. 1992 වසරේ පැවැති මහ ක්‍රිකට් තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමට එරෙහිව දක්ෂ පිතිහරඹයක නිරත වූ ඔහු පසු කළෙක රාජකීය විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකු ලෙසද කටයුතු කළේය.
මරදාන සහිරා විදුහලෙන් බිහිවූ දක්ෂ රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහීම් හමීඩ් 1971 වසරේදී පොලිස් රග්බි කණ්ඩායමේ නායකත්වයද දැරීය. පොලිස් සේවයෙන් විශ්‍රාම යන විට ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කළේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූයේද ඊබ්‍රහීම් හමීඩ් මහතාය.
ඔවුන් දෙදෙනාම කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතය හැර ගියහ. මියයන විට සුල්කි හමීඩ් මහතා 48 වැනි වියේ පසුවිය.
පියාත් පුතාත් දෙදෙනාම අද (20) දින එකම වේලාවේදී මිහිදන් කෙරේ.
ඊබ්‍රහීම් හමීඩ් මහතා
සුල්කි හමීඩ් මහතා
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.