Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොල්කටා පිල පෙරමුණට එයි
අයි.පී.එල්.

කොල්කටා පිල පෙරමුණට එයි

editorial - 2022 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර (2022) ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ තරග 15 ක් නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 6 ක් ලබා සිටින කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති කොල්කටා කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වී ඇත. 

මෙවර තරගාවලියට අලූතින් එක්වූ කණ්ඩායමක් වන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමද, තරග 3 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ලකුණු 6 ක් ලබා සිටියි. කෙසේ වුවත් දල ලකුණු වේගය අනුව ලක්නව් කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ. 

රාජස්ථාන් රෝයල්ස්, ගුජරාට් ලයන්ස්, පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් තරග 2 බැගින් ජයගෙන ප‍්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටිති. එහිදී දල ලකුණු වේගය අනුව රාජස්ථාන් කණ්ඩායමට ලකුණු සටහනේ තෙවැනි ස්ථානයත්, ගුජරාට් කණ්ඩායමට සිවුවැනි ස්ථානයත්, පන්ජාබ් කණ්ඩායමට පස්වැනි ස්ථානයත්, බැංගලෝර් කණ්ඩායමට හයවැනි ස්ථානයත් හිමිව තිබේ.  

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 3 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 205 කි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 100 මේ දක්වා ඔහු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 102.5 ක් ලෙස සටහන් වේ. 

තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ උමේෂ් යාදව් සමත් වී ඇති අතර තරග 4 කදී ඔහු දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 9 කි. පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 23 කට කඩුලූ 4 ක් දවාගැනීම මෙතෙක් යාදව්ගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 9.33 ක අගයක් ගනී. 

-036 


අදහස් (0)

කොල්කටා පිල පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.