Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොලැන්ඩර්ස් පිලට කඩුලු 9 ක ජයක්

කොලැන්ඩර්ස් පිලට කඩුලු 9 ක ජයක්

editorial - 2021 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශහීඩ් අෆ්රිඩි (16/2) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අබුඩාබි දහයයි10 තරගාවලියේදී ටීම් අබුඩාබි පිලට එරෙහිව සෙනසුරාදා (30 වැනිදා) පැවැති 8 වැනි තරගය කඩුලු 9 කින් ජයගැනීමට සොහෙල් අක්තාර් නායකත්වය දරන ලාහෝර් කොලැන්ඩර්ස් පිල සමත්විය.

සර්ජිල් ඛාන් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 40 ක් සහ ටොම් බැන්ටන් පන්දු 14 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 30 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. සොහෙල් අක්තාර් පන්දු 17 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 27 ක් රැස්කරමින් කොලැන්ඩර්ස් පිලේ ජයග්‍රහණයට දායක විය.

ටීම් අබුඩාබි - ඕවර 10 කදී කඩුලු 5 ක් දැවී 100
(පෝල් ස්ටර්ලිංග් 29, බෙන් ඩකට් 15, ජෝ ක්ලාක් 34, ශහීඩ් අෆ්රිඩි 16/2, සුල්තාන් අහ්මඩ් 21/1, ක්‍රිස් ජෝර්දාන් 30/1)

ලාහෝර් කොලැන්ඩර්ස් - ඕවර 8.2 කදී කඩුල්ලක් දැවී 104
(ටොම් බැන්ටන් 30, ශර්ජිල් ඛාන් නොදැවී 40, සොහෙල් අක්තාර් නොදැවී 27, නවීන් උල්හක් 19/1)


අදහස් (0)

කොලැන්ඩර්ස් පිලට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.