Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
නැෂනල් සුපර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ආරම්භවීමට දිනයක් ඉතිරිව තිබියදී සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් 5 දෙනෙකුට කොවිඩ්-19 වයිරස ආසාදනය වීම හේතුවෙන් ඔවුන් වෙනුවට ආදේශක ක්‍රීඩකයන් යෙදාගනිමින් කොළඹ කණ්ඩායම අවසන් පූර්ව තරගයට සහභාගිවීමට නියමිතය.
ඊයේ (29 වැනිදා) සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයකින් පසුව නිපුන් ධනංජය, ප්‍රභාත් ජයසූරිය, රොෂේන් සිල්වා, අෂේන් බණ්ඩාර සහ ළහිරු මදුෂංකට කොවිඩ් වයිරස ආසාදනය වී ඇති බව තහවුරු විය.
ඔවුන් හැරෙන්නට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු දර්ශන ගමගේ සහ කළමණාකරු ප්‍රියන්ත උදයරත්න යන මහත්වරුන්ටද, භෞතචිකිත්සකවරයාටද වයිරස ආසාදනය වී ඇත. මින් සතියකට පමණ පෙර මුහුණදුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයකදී කොළඹ කණ්ඩායමේ සාමාජිකයකු වූ නුවනිඳු ප්‍රනාන්දුද කොවිඩ් අසාදිත බවට හඳුනා ගැනිණ.
ඒ අනුව වයිරසය ආසාදනය වූ ක්‍රීඩකයක් 6 දෙනා වෙනුවට මාධව වර්ණපුර, උදිත් මදුෂාන්, කවික දිල්ෂාන්, කළණ පෙරේරා, තවීෂ අභිෂේක් සහ නවිඳු නිර්මාල් යන ක්‍රීඩකයන් කොළඹ සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (30 වැනිදා) කටයුතු කළේය.
ප්‍රධාන පුහුණුකරු වූ දර්ශන ගමගේ මහතා වෙනුවට වෙනත් ආදේශ පුහුණුකරුවකු පත්කර නොමැති අතර ඒ වෙනුවට සහය පුහුණුකරුවන් වූ රුවින් පිරීස් සහ ධම්මික සුදර්ෂණ යන මහත්වරුන් තාවකාලිකව කොළඹ කණ්ඩායමේ වැඩ බලනු ඇත. හිටපු කළමණාකරු ප්‍රියන්ත උදයරත්න මහතා වෙනුවටද වෙනත් කළමණාකරුවකු පත්කර නොමැති අතර භෞතචිකිත්සකවරයා වෙනුවට තරගාවලියෙන් ඉවත්වූ දඹුල්ල කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා පත්කර ඇත.
නැෂනල් සුපර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කොළඹ, මහනුවර, ගාල්ල සහ යාපනය කණ්ඩායම් සුදුසුකම් ලැබූහ. ඒ අනුව කොළඹ සහ යාපනය කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, මහනුවර සහ ගාල්ල කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (31 වැනිදා) ආරම්භ වේ.
අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් අතර අවසන් මහා තරගය අප්‍රේල් මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.