Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝරි ඇන්ඩසන් ආබාධයකට ලක්වෙයි

කෝරි ඇන්ඩසන් ආබාධයකට ලක්වෙයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අවසන් වූ පළමු සිව්දින තරගයේදී ආබාධයකට ලක්වූ නවසීලන්ත ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින මැද පෙළ පිතිකරුවකු වන කොරි ඇන්ඩසන් අද (20) ස්කෑන් පරීක්‍ෂණයකට ලක්කිරීමට නියමිතව තිබුණි.

වමතින් වේග පන්දු යවන ඇන්ඩසන් පන්දු යැවීමේදී උරහිස ආබාධයකට ලක්වීමෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ද අහිමිවිය. ඇන්ඩසන් පළමු සිවුදින තරගයේදී  ඕවර නවයක් යවමින් ලකුණු 27 කට කඩුලූ 02 ක් දවා ගත්තේය.

නවසීලන්ත එක්දින පිල නියෝජනය කර ඇති 22 හැවිරිදි කෝරි ඇන්ඩසන්, ඔක්තෝබර් මස 9 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් නවසීලන්ත සංචිතයට ඇතුළත්ව සිටියි.

ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින කොරි ඇන්ඩසන්, ඉෂ් සෝදි සහ ටොම් ලෙතම් මෙම ‘ඒ’ සංචාරයට ඇතුළත්කර ඇත්තේ බංග්ලාදේශ සංචාරයට පෙරහුරුවක් සඳහා වන අතර නවසීලන්ත පිල නොවැම්බර් මස ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

 


අදහස් (0)

කෝරි ඇන්ඩසන් ආබාධයකට ලක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.