Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු 6000 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා බවට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලී පත්විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භවූ 2018 වර්ශයේ සිට මේ දක්වා වසර 14 ක් නොකඩවා තරගාවලිය නියෝජනය කර ඇති කෝලී මේ වනවිය තරග 196 කදී ලකුණු 6021 ක් රැස්කර ඇත.
රාස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව ඊයේ (22 වැනිදා) පැවැති තරගයේදී එම දස්කම කළ කෝලී එහිදි නොදැවී ලකුණු 72 ක් ලබාගත්තේය. එම තරගයේදී අනෙක් ආරම්භක පිතිකරුවා වූ දෙව්දූත් පඩික්කාල් (නොදැවී 101) සමගින් එක්ව ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි කෝලී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට කඩුලු 10 ක ජයක් ගෙන දීමට සමත්විය.
තරග 197 කදී ලකුණු 5448 ක් රැස්කර ඇති චෙන්නායි සුපර් කිංග්ස් පිලේ සුරේෂ් රයිනා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර තරග 180 කදී ලකුණු 5428 ක් රැස්කර ඇති දිල්ලි කැපිටල් පිලේ ශීකර් ධවාන් තෙවැනි ස්ථානයේ පසුවන්නේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.