Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වීමේ භාග්‍ය ලැබූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය දිනේෂ් චන්දිමාල්ගේ පෞද්ගලික ධන පරිතාගයෙන් ධර්මාශෝක විදුහල් භූමියේ ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් පුහුණු තීරුව ඔක්තෝම්බර් මස 01 වැනිදා පෙරවරු 9.00 ධර්මාශෝක විද්‍යාලයට පරිත්‍යාග කෙරේ. දිනේෂ් චන්දිමාල් මේ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 200 ක් හෙවත් රුපියල් කෝටි 2 කි.
ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ යෝජනාවක් අනුව මෙම ගෘහස්ථ ක්‍රිකට් පුහුණු තීරුව දිනේෂ් චන්දිමාල් මහතා විසින් ඉදිකරන ලදි. ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිකිරීම් අංශයේ නිලධාරීන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයද ලබාදී තිබේ.
ධර්මාශෝක විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබා ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ජීවිතය ජයගෙන, එයින් උපයා සපයාගත් ධනයම වැය කරමින් සිය ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ධර්මාශෝක විදුහල් මාතාවට කළගුණ සැලකීමට මේ ගෘහස්ථ ක්‍රිකට් පුහුණු තීරුව ඉදිකිරීමට තමා පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කීවේය.
ඡායාරූප - කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
Sarath Premasiri Saturday, 30 September 2023 07:51 PM
ඉන්දියාව කෝලිටයි/ රෝහිත්ටයි, බංග්ලාදේශය ශකීබ්/මුෂ්ටෆිකර්ටයි මුල්තැන දීල වැඞකරනවා වගේ ලංකාව කළ යුතුව තිබුණේ මැතිව්ස්/චන්දිමාල් වටේ ලංකාවේ අනාගත කණ්ඩායම හදන එකයි. ඕනෑම ජාතික කණ්ඬායමක් නියෝජනය කරන්න ඕනේ මුලු පාසල් සහ පළමු පන්තියේ තරඟවල කන්සිස්ටන්සි මේන්ටේන් කළ ක්‍රීඩකයින් මිසක්, ඇඳුනුම්කම් වලට, දේශපාලන බලපෑම්වලට වෙන වෙන ඕනෑකම්වලට ජාතික කණ්ඩායමේ තැන දෙන්නබෑ. මැතිව්ස්, චන්දිමාල් කියන්නේ ලෝකෙට අපේ රටේ ක්‍රිකට් අගය පෙන්නලා දීපු ක්‍රීඩකයෝ, ඔවුන්ව පොල්කුඩු වගේ සලකන්න JR ජනාධිපතිතුමා වගේ ක්‍රීඩාවත්, දේශපාලනයත් එකසේ දැනගත්තු දේශපාලකයෝ හිටියා නම් ඉඩදෙන් නෑ. සංගක්කාරවත් මහේලවත් මුල් කාලෙ මැතිව්ස්, චන්දිමාල් පෙන්නපු දක්ෂකම් පෙන්නලා නෑ.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.