Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චන්දිමාල් යළි කැඳවයි

චන්දිමාල් යළි කැඳවයි

editorial - 2021 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයන් 30 දෙනකුගේ සංචිතයක් කැඳවා තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව, ඒ සඳහා හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්ද යළි කැඳවා තිබේ.

මේ වනවිට පැවැත්වෙමින් තිබෙන විස්සයි-20 ආරාධිත ක්‍රිකට් තරගාවලියේදී රෙඞ්ස් කණ්ඩායමට නායකත්වය දෙන චන්දිමාල් එහිදී මෙතෙක් පැවැති තරග 4 කදී, අර්ධ ශතක දෙකක්ද සමගින්, පන්දු 108 කින් ලකුණු 129 ක් ලබාගෙන තිබේ. මෙම තරග වලදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය හෙවත් පන්දු 100 කදි ලබාගත් ලකුණු සංඛ්‍යාව 119.44 කි. චන්දිමාල්ට පසුගිය කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වූයේත් ඔහුගේ ප්‍රහාරාත්මක වේගය ප්‍රමාණවත් නොවන බව තේරීම් කමිටු නිලධාරීන් කී බැවිනි.

ටෙස්ට් තරග 62 කට ක්‍රීඩා කර ඇති චන්දිමාල්, එක්දින අන්තර්ජාතික තරග 149 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 57 කට ක්‍රීඩා කර තිබේ. ටෙස්ට් ශතක 11 ක් සමගින් ලකුණු 4158 ක් ලබා ඇති චන්දිමාල් එක්දින ශතක 4 ක් සමගින් එක්දින ලකුණු 3698 ක හිමිකරුවෙකි. විස්සයි-20 අන්තර්ජාතික තරග 57 දී ලකුණු 868 ක් ලබා සිටින චන්දිමාල්ගේ නමට ඉදිරියෙන් වාර්තා වූ අර්ධ ශතක සංඛ්‍යාව 5 කි. එසේ වුවත් ඔහු ලකුණු ලබාගැනිමේ ප්‍රවේගය ප්‍රමාණවත් නොවන බව කී තේරීම් කමිටු නිලධාරීහු බංග්ලාදේශ සහ එංගලන්ත සංචාර සඳහාත්, ඉන්දීය පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලිය සඳහාත් චන්දිමාල් තෝරා නොගත්හ.

චන්දිමාල්ට අමතරව නවක ක්‍රීඩකයන් වන ඩිල්ෂාන් මධුශංක, සහන් ආරච්චිගේ, පුලින තරංග සහ මහේෂ් තීක්‍ෂණද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. ඩිල්ෂාන් මධුශංක 20 හැවිරිදි වේග පන්දු යවන්නකු වන අතර සහන් ආරච්චිගේ දඟ පන්දු යවන්නකු මෙන්ම බලාපොරොත්තු තැබිය හැකි පිතිකරුවකු ද වෙයි. මහේෂ් තීක්‍ෂණ පිට දඟ පන්දු යවන්නකු වන අතර පුලින තරංග 28 හැවිරිදි වේග පන්දු යවන්නෙකි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින සහ විස්සයි-20 තරගාවලිය සැප්තැම්බර් මස 2 වැනිදා ආරම්භ වේ. තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

නැවත දැනුම් දෙන තුරු ජාතික වගකීම් වලින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි ඇන්ජලෝ මැතිව්ස් සංචිතයට ඇතුළත් නොවේ.  තවත් හිටපු නායකයන් දෙදෙනකු වන දිමුත් කරුණාරත්න සහ සුරංග ලක්මාල් මෙම 30 දෙනාගේ සංචිතයට ඇතුළත් නොවෙති. කුසල් ජනිත් පෙරේරා මේ වන විට කොරෝනා වයිරසය අසාදනය විමෙන් පසුව සුවය ලබමින් සිටියද ඔහුට සංචිතයේ ඉඩක් වෙන්කර තිබේ.

දසුන් ශානක කණ්ඩායමේ නායකත්වය දරනු ඇත


30 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, සහන් ආරච්චිගේ, ළහිරු මධුශංක, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, ඩිල්ෂාන් මධුශංක, ළහිරු කුමාර, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මහේෂ් තීක්‍ෂණ, පුලින තරංග, රමේෂ් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, ඉෂාන් ජයරත්න, ධනංජය ලක්ෂාන් සහ ෂිරාන් ප්‍රනාන්දු

- 213

 


අදහස් (0)

චන්දිමාල් යළි කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.