Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේ නියමිත කාලය තුළදී ඕවර 20 යවා අවසන් නොකිරීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට තරගයක් තහනම් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. මෙම තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කළ ඕස්ටේ‍්‍රලියානු ජාතික ඬේවිඞ් බූන් මහතා විසින් මෙම තහනම නියම කර තිබේ.
ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය වසරේ නොවැම්බර් මස 21 වැනිදා පල්ලෙකැළේදී පැවැති විස්සයි:20 තරගයේදීත් මන්දගාමී පන්දු යැවීම නිසා චන්දිමාල් සිය තරග මුදලින් 20% ක දඩයකට යටත් විය.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීති රීති අනුව විස්සයි:20 තරගයකදී නියමිත කාලය තුළදී ඕවර 20 ක් යවා අවසන් නොකරන්නේ නම් පළමු අවස්ථාවේදී තරග මුදලින් 20% දඩයකට යටත් වීමට කණ්ඩායම් නායකයාට සිදුවන අතර කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට 10% ක දඩයක් නියම කෙරේ. කෙසේ වෙතත් වසරක කාලයක් තුළදී නැවත වරක් එම වරදටම හසුවන්නේ නම් නායකයාට තරගයක් තහනම් කෙරේ.
මේ අනුව ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංගට පැවරෙන බව ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.