Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ 107 වැනි සංවත්සරය නිමිත්තෙන් එම විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ 82 කණ්ඩායම සංවිධානය කළ බස්නාහිර පළාත් කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ ජනිත් බටුගෙදරද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ මියුසියස් විදුහලේ ෂෙනාලි මෙන්ඩිස්ද සම්මාන දිනාගත්හ.
වයස 15 න් පහළ සහ 17 න් පහළ බාලක ශූරතා දිනාගනිමින් ජනිත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ අතර ෂෙනාලි දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ වයස 15 න් පහළ සහ 17 න් පහළ බාලිකා ශූරතා දිනාගනිමිනි. ඒ වෙනුවෙන් ජනිත්ට ධනරාජ් රාමරත්නම් අභියෝග කුසලානද, ෂෙනාලිට එම්.එල්.කේ. මේසපන්දු විද්‍යායතන අභියෝග ශූරතාවද හිමිවිය.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 310 දෙනෙක් සහභාගි වූහ. ශාන්ත ජෝන් විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ ඕස්ට්‍රේලියානු ශාඛාව මෙම තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙස එම සංගමයේ සභාපති ධනරාජ් රාමරත්නම් මහතා තරගාවලියට එක් විය.
බාලක තරග ප්‍රතිඵල
වයස 7 න් පහළ
තාවි සමරවීර (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල) විසින් වට 2-0 තේජස් ජයසිංහ (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/01, 11/03)
වයස 9 න් පහළ
කෙනුර සිල්වා (කොළඹ නාලන්දා විදුහල) විසින් වට 2-0 ක් ලෙස රොමෙත් වීරසේකර (කොළඹ නාලන්දා විදුහල) පරාජය කරන ලදි. (11/01, 11/06)
වයස 11 න් පහළ
යෙනුල් අබේවික්‍රම (කොළඹ ආනන්ද විදුහල) විසින් වට 2-1 ක් ලෙස රූසත් වික්‍රමසිංහ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (10/12, 11/06, 11/06)
වයස 13 න් පහළ
ඉසාන් ෆලීල් (කොළඹ වෙස්ලි විදුහල) විසින් වට 2-1 ක් ලෙස සන්දිත් හෙන්ඳහේවා (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/06, 09/11, 11/04)
වයස 15 න් පහළ
ජනිත් බටුගෙදර (කොළඹ රාජකීය විදුහල) විසින් වට 3-1 ක් ලෙස හිමෙත් හේවාසිංහ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/03, 09/11, 11/04)
වයස 17 න් පහළ
ජනිත් බටුගෙදර (කොළඹ රාජකීය විදුහල) විසින් වට 3-2 ක් ලෙස තිසුම් ගමගේ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/07, 05/11, 11/02, 11/09)
වයස 19 න් පහළ
රෙහාන් සේනානායක (කොළඹ ආනන්ද විදුහල) විසින් වට 3-2 ක් ලෙස තිසුම් ගමගේ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (12/10, 09/11, 11/07, 05/11, 11/05)
බාලිකා තරග ප්‍රතිඵල
වයස 7 න් පහළ
තිනුෂි ජයසූරිය (ගම්පහ සිරිකුරුස විදුහල) විසින් වට 2-0 නුවී ප්‍රනාන්දු (බෝපිටය ලොයොලා විදුහල) පරාජය කරන ලදි. (11/06, 12/10)
වයස 9 න් පහළ
සනුති වීරසිංහ (මාලබේ හොරයිසන් ජාත්‍යන්තර පාසල) විසින් වට 2-0 ක් ලෙස සිතුකි සිනෙල්‍යා (ගම්පහ සුමේධ විදුහල) පරාජය කරන ලදි. (13/11, 12/10)
වයස 11 න් පහළ
රනුකි සේනාරත්න (කොළඹ විශාකා විදුහල) විසින් වට 2-0 ක් ලෙස ෂෙනෙලා ශෂීන්ද්‍රි (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි. (11/05, 11/07)
වයස 13 න් පහළ
මේඛලා ප්‍රනාන්දු (කොළඹ මියුසියස් විදුහල) විසින් වට 2-0 ක් ලෙස රිසාලි සේනානායක (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/09)
වයස 15 න් පහළ
ෂෙනාලි මෙන්ඩිස් (කොළඹ මියුසියස් විදුහල) විසින් වට 3-1 ක් ලෙස ශාමල්ෂා දෙව්මි (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි. (11/07, 07/11, 12/10, 11/05)
වයස 17 න් පහළ
ෂෙනාලි මෙන්ඩිස් (කොළඹ මියුසියස් විදුහල) විසින් වට 3-2 ක් ලෙස ශාමල්ෂා දෙව්මි (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/07, 09/11, 10/12, 11/02)
වයස 19 න් පහළ
තරින්දි පෙරේරා (කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විදුහල) විසින් වට 4-0 ක් ලෙස ෂෙලිනි හේරත් (නුගේගොඩ අනුලා විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/02, 11/07, 11/03)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.