Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකාවේ ආබාධිත චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චෙස් ක්‍රීඩාව දියුණු කිරීම සදහා ලක්ෂ 15 ක් වටිනා චෙස් ක්‍රීඩා උපකරණ තොගයක් ශ්‍රී ලංකා ජර්මන් තානාපති කාර්යාලයේදී පරිත්‍යාග කෙරිණ. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතාගේ ඉල්ලීමක් සලකා බැලූ ජර්මන් තානාපති හෝල්ගර් සියුබර්ට් මහතා විසින් මේ චෙස් ක්‍රීඩා උපකරණ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයට පිරිනමන ලදි.
ආබාධිත චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඉලෙක්ට්‍රොනික චෙස් ක්‍රීඩා උපකරණ කට්ටල අටක් මෙහිදී ප්‍රධානය කෙරිණි.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ ලේකම් මලිත් අකලංක මහතාත්, වත්මන් ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරයා වන රනිදු දිල්ෂාන් ලියනගේ හිටපු ජාතික චෙස් ශූරයා වූ රජේන්ද්‍රක කළුගම්පිටිය සහ හිටපු ජාතික චෙස් ශූරීය සචිනි රණසිංහ ද සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.