Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර බොක්සිං සභාපති ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර බොක්සිං සභාපති ශ්‍රී ලංකාවට

editorial - 2023 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී. කපිල)

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති උමාර් ක්‍රෙම්ලීව් මහතා දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (16 වැනිදා) රාත්‍රීයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු සමග එම මැතිණියත්, ලෝක හෙවිවේට් බොක්සිං ශූර, 1988 සියොල් ඔලිම්පික් තරගාවලියේ රන් පදක්කම දිනූ රෝයි ජෝන්ස් ජූනියර් සමග ජර්මනියේ වත්මන් ෆ්ලයිවේට් බොක්සිං ශූරියත්, ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ද පැමිණ සිටියහ.

ඔවුන් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති, රුසියානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු වන  උමාර් ක්‍රෙම්ලීව් මහතාට අයත් පෞද්ගලික ගුවන් යානයකින් සිට තායිලන්තයේ පුකෙට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

 


අදහස් (0)

ජාත්‍යන්තර බොක්සිං සභාපති ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.