Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා පත් කර තිබේ. ඔහු ඇතුළු ජාතික ක්‍රීඩා සභාවට අලුතින් පත්වූ නිලධාරි මණ්ඩලයට පත්වීම් ලිපි ප්‍රදානය හෙට (10) පෙරවරු 11.30ට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අතින් සිදු කෙරේ.
මීට පෙර මෙම සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා පසුගිය අප්‍රේල් 2 වැනිදා එවකට ක්‍රීඩා ඇමැති ධුරය දැරූ නාමල් රාජපක්ෂ මහතාගේ ඉවත් වීමත් සමග ඉල්ලා අස්විය.
ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස එම අවස්ථාවේදී හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා ද කටයුතු කළේය. සාමාජිකයන් 14 දෙනකුගෙන් සමන්විතව කටයුතු කළ ක්‍රීඩා සභාවේ හිටපු නිලධාරි මණ්ඩලයේ සංයුතියට සමාන නිලධාරි මණ්ඩලයක් මෙවරත් පත් කර ඇතැයි වාර්තා වේ.
ජාතික ක්‍රීඩා සභාවේ මුල් කාර්යභාරය වන්නේ, පත්ව සිටින ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දීම හා ක්‍රීඩා ප්‍රතිපත්තින් සකස් කිරීමය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.