Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ. ක්‍රීඩා අභියාචනා උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා පත්කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින් සාමාජිකයන් පස්දෙනකුගෙන් යුත් නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ද, සාමාජිකයන් හත් දෙනකුගෙන් යුත් නව අභියාචනා උපදේශක කමිටුවක් ද, පසුගිය සිකුරාදා පත්කළේය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ක්‍රීඩා පාලක සභාවේ ද සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා, බැදුම්කර ගණුදෙනුව පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, ජාතික ටෙනිස් ශූරයකු වූ අර්ජුන් ප්‍රනාන්දු සහ හිටපු රග්බි ක්‍රීඩකයකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති මොහොමඞ් හෆීස් මාසෝ යන මහත්වරු පත්කර තිබේ.
අභියාචනා උපදේශක කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස්, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනි, ආසියානු රන් පදක්කම් ලාභි දමයන්ති දර්ශා, රාහුල වික්‍රමනායක සහ රොෂානි කොබ්බෑකඩුව මහත්ම මහත්මීහූ කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.