Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙම වසරට නියමිත 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල බදුල්ලේ දී පැවැත්වීමට අලුත්ම යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි වාර්තාවේ. ඒ අතර නේපාලයේ දී පැවැත්වීමට නියමිත 13 වැනි සාග් ක්‍රීඩා උළෙල සඳහා මේ වනවිට දින තහවුරු කර තිබෙන බැවින් 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් මාසයේදී පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැරසේ.
කෙසේවුවත් නැගෙනහිර පළාත මෙම වසරට නියමිත ජාතික මහ ක්‍රීඩා උළෙලේ සත්කාරය ඉල්ලා තිබෙන අතර එහෙත් නවාතැන් ගැටළු හේතුවෙන් එම පළාතට සත්කාරය ප්‍රදානය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සඳහා දැනට නිශ්චය කරගෙන තිබෙන ‘අම්පාර’ හෝ ‘මඩකළපුව’ යන නගර දෙකෙන් එකකදී ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම වඩාත් දුෂ්කරවී ඇතැයි පැවසෙන්නේ ඒ සඳහා සහභාගී වන දහස් ගණන් පිරිසකට නේවාසික පහසුකම් සපයා ගැනීමේ දුෂ්කරතාවයන්ය.
වසර 2004දී පැවැති ජාතික මහ ක්‍රීඩා උළෙල ඌව පළාතට අයත් බදුල්ලේ දී මෙතෙක් පැවති අවසන් ජාතික මහ ක්‍රීඩා උළෙල වේ. ඒ අතර 1976 ත්‍රිකුණාමලයේ දී පැවැති ජාතික මහ ක්‍රීඩා උළෙල මෙතෙක් නැගෙනහිර පළාත සත්කාරය දැරූ එකම ජාතික ක්‍රීඩා උළෙල වේ.
මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය රාජ්‍ය අනුග්‍රහයෙන් වසරේ සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා උළෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තරඟ මාලාවෙන් ආරම්භ කරයි. කලින් ක්‍රමය වූයේ ග්‍රාමසේවා වසම් කොට්ඨාශ තරග මාලාවෙන් ක්‍රීඩා උළෙල ඇරඹීමය.
එයින් පසුව අන්තර් දිස්ත්‍රික් තරගමාලාවත් තෙවනුව ඒ ඒ පළාත් වලට අයත් අන්තර් දිස්ත්‍රික් තරඟ මාලාවත් පැවැත්වේ. ජාතික මහ ක්‍රීඩා උළෙලේ අවසන් අදියර වන්නේ අන්තර් පළාත් ක්‍රීඩා තරගාවලියයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තරගාවලියක් සංවිධානය සඳහා ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂයක මුදලක් තරග සංවිධායකයන්ට ලබාදේ. එය දිස්ත්‍රික් තරගාවලියන් සඳහා රුපියල් ලක්ෂ දෙකකි. පළාත් අන්තර් දිස්ත්‍රික් තරගාවලියක් සංවිධානය සඳහා ගෙවන මුදල රුපියල් ලක්ෂ තුනකි.
මෙවර ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් ගණන 31කට සීමාවී ඇත්තේ කඹ ඇදීම, අත්පන්දු (හෑන්ඞ් බෝල) හා තුන්ප්‍රයාම ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණයෙනි. ඒ සඳහා ප්‍රමාණවත් තරගකරුවන්ගේ සහභාගීත්වයක් නොමැතිවීම තුළ ඒ සඳහා දරණ බරපැණ අපතේ යාම සැලකිල්ලට ගෙන ක්‍රීඩා අමාත්‍යාංශය මෙම වසරේ ක්‍රීඩා උළෙලෙන් අත්හදා බැලීමක් ලෙස එම ක්‍රීඩා ඉසව් ඉවත් කර ඇතැයිද වාර්තාවේ.
කෙසේ වුවත් කඹ ඇදීමේ ක්‍රීඩා ඉසව්ව ඉවත් කිරීමට ගත් තීරණයට ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයෙන් දිගින් දිගටම විරෝධය පළවෙමින් පවතී.
ඒ හේතුවෙන් ක්‍රීඩා උළෙලට නැවත කඹ ඇදීමේ ක්‍රීඩා ඉසව්ව ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ. කෙසේවුවත් පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ එකඟතාව මත කඹ ඇදීමේ ඉසව්ව ක්‍රීඩා උළෙලෙන් ඉවත් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් පසුගිය පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවද එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.
මෙවර ක්‍රීඩා උළෙලේ දී දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විශේෂ ත්‍යාග ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රාහකයන් මාර්ගයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයිද ක්‍රීඩා අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
44 වැනි වරටත් ජාතික මහ ක්‍රීඩා උළෙල පැවැත්වීමේදී මෙතෙක් විශේෂත්වය වන්නේ 1979 දී පැවැති ජාතික මහ ක්‍රීඩා උළෙල හැරෙන්නට පසුගිය වසර දක්වා සෙසු සෑම අවස්ථාවකදීම බස්නාහිර පළාත ජාතික මහ ක්‍රීඩා උළෙල ජය ගැනීමය.
1979 මාතරදී පැවැති ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දකුණු පළාත දිනා ගෙන තිබේ. පසුගිය වසරේ පොළොන්නරුවේ දී පැවැති 43 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල බස්නාහිර පළාත ජයගත්තේ රන්පදක්කම් 101ක් දිනා ගනිමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.