Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට හෝ ක‍්‍රීඩිකාවට හිමි ටෙලිකොම් කුසලාන දිනා ගැනීමට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ තුන් පිම්ම ක‍්‍රීඩක එල්. පී. ජී. ධනංජය සමත්විය. වර්ෂාව මැද දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී අද (15) පස්වරුවේ තරගාවලිය නිමා විය.
වයස 20 න් පහළ කාණ්ඩයේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට හිමි ශූරතා කුසලාන ද දිනාගත් ධනංජය, මෙම තරගාවලියේදී දැක් වු දක්‍ෂතාව හමුවේ පෝලන්තයේදී පැවැත්වෙන ලෝක යොවුන් (වයස 20 න් පහළ) මලල ක‍්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබීය.
මෙවර ජාතික කනිෂ්ඨ තරගාවලියේදී ඉහළ දක්‍ෂතා දැක් වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් ද සමන්විත එළැඹෙන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම නිර්දේෂ කිරීමට ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුව කටයුතු කළේය.
මෙවර තරගාවලියේ ප‍්‍රතිඵල අනුව ක‍්‍රීඩකයන් තිදෙනෙක් ලෝක කනිෂ්ඨ ශූරතාවලියට ද සුදුසුකම් ලැබුහ. වයස 20 න් පහළ මීටර 400 කඩුලූ පැන දිවීම ඉසව්වෙන් නව වාර්තාවක් බිහි කළ මීගමුව මාරිස්ටෙලා විදුහලේ උදිත් චන්ද්‍රසේන (තත්පර 52.22), වයස 20 න් පහළ තුන් පිම්ම පිරිමි ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටු වු වෙන්නප්පුව ශාන්ත ජෝශප් විදුහලේ එල්.පී. ජී. ධනංජය හා පැරැණි වාර්තාව සම කරමින් දස්කම් පෑ චමල් කුමාරසිරි එම ඉලක්කය සපුරා ගත්හ.
තරගාවලිය ආරම්භයේදීම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද බිහිවිය. වලල ඒ. රත්නායක මැදි විදුහලේ හර්ෂණී සමුද්‍ර කුමාරි ධර්මරත්න වයස 20 න් පහළ කාන්තා රිටි පැනීමේ ඉසව්වේදී මීටර 3.34 ක දක්‍ෂතාවක් දක්වමින් එම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවුවාය.
නව තරග වාර්තා 14 ක් සහ පැරණි වාර්තාව සමකළ අවස්ථා දෙකක්ද සටහන් විය.
අද දිනයේ තරග කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් බිහි වුයේ තරග වාර්තාවකි. ඉරංසා කාවින්දි වයස 20 න් පහළ කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වෙන් මීටර 42.12 ක දක්‍ෂතාවක් දක්වමින් වාර්තාව පිහිටුවුවාය. ඉරංසා, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ක‍්‍රීඩිකාවකි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තරගාවලියට අනුග‍්‍රහය දැක්වීය.
තරගාවලියේ අභියෝග ශූරතා ප‍්‍රදානය
වයස 16 න් පහළ
දක්‍ෂතම ක‍්‍රීඩකයා (එන්.ඒ. කිව්.එන්.ඒ. කුරේරා අභියෝග කුසලාන)
ශාලිත සන්තුෂ් වීරසිංහ (කොටහේන ශා.බෙනඩික් විදුහල, මීටර 200, තත්පර 22.55 නව වාර්තාවකි)
දක්‍ෂතම ක‍්‍රීඩිකාව (සුසන්තිකා ජයසිංහ අභියෝග කුසලාන)
මදුරා පියුමිණී වීරසුරිය (කෑගල්ල ශා.ජෝශප් බාලිකා විදුහල, මීටර 100, තත්පර 12.63 නව වාර්තාවකි)
වයස 18 න් පහළ
දක්‍ෂතම ක‍්‍රීඩකයා (එන්.වෛරවනාදන් අභියෝග කුසලාන)
එස්.පී.ඒ.දර්ශන (අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ මැදි විදුහල, මීටර 400 කඩුලූ පැන දිවීම, තත්පර 52.92 නව වාර්තාවකි)
දක්‍ෂතම ක‍්‍රීඩිකාව (දමයන්ති දර්ශා අභියෝග කුසලාන)
කේ.ජී.ඞී.එම්.එස්.කුමාරසිංහ (වලල ඒ.රත්නායක මැදි විදුහල, මීටර 800, විනාඩි. 2. තත්.13.79)
වයස 20 න් පහළ
දක්‍ෂතම ක‍්‍රීඩකයා (ස්ටැන්ලි තාබෲ අනුස්මරණ කුසලාන)
එල්.පී.ජී.ධනංජය (වෙන්නප්පුව ශා.ජෝශප් වාස් විදුහල, තුන් පිම්ම, මීටර 15.78)
දක්‍ෂතම ක‍්‍රීඩිකාව (ලූතිනන් ඩබ්. විමලදාස අභියෝග කුසලාන)
හෂිනි ප‍්‍රබෝධා බාලසුරිය (වෙන්නප්පුව ශුද්ධ වු පවුලේ බාලිකා විදුහල, තුන් පිම්ම, මීටර 12.86)
වයස 23 න් පහළ
දක්‍ෂතම ක‍්‍රීඩකයා (ලංකා බැංකු අභියෝග කුසලාන)
අමිල ජයසිරි (ගුවන් හමුදාව, දුර පැනීම, මීටර 7.63)
දක්‍ෂතම ක‍්‍රීඩිකාව (ලංකා බැංකු අභියෝග කුසලාන)
විදුෂා ලක්‍ෂාණී (යුද හමුදාව, තුන් පිම්ම, මීටර 13.34)
තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාවට ප‍්‍රදානය කෙරෙන ශ්‍රී ලංකා ටෙලිකොම් අභියෝග කුසලානය
එල්.පී.ජී.ධනංජය (වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල, වයස 23 න් පහළ, තුන්පිම්ම, මීටර 15.78 නව තරග වාර්තාවකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.