Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාලිය - මධුමාලි ආසියානු රට හරහා දිවීමේ තරගයට යති

ජාලිය - මධුමාලි ආසියානු රට හරහා දිවීමේ තරගයට යති

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බහරේන්’හි පැවැත්වෙන 13 වැනි ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගිවන ජාලිය කුමාර බණ්ඩාර සහ මධුමාලී පෙරේරා අද (28) දිවයිනෙන් පිටත්ව ගියහ.

බියගමදී පැවැති ජාතික රට හරහා දිවීමේ තරගය ජය ගනිමින් ජාලිය සහ මධුමාලී මෙලෙස ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමිකර ගත්හ. ජාලිය, විනාඩි 40 තත්පර 1 ක කාලයකින් තරගය නිම කරමින් පිරිමි තරගය ජයගත් අතර මධුමාලී, විනාඩි 31 තත්පර 36 ක කාලයකින් කාන්තා තරගය ජය ගත්තාය.

 පසුගිය වසරේ පැවැති කොළඹ මැරතන් තරගයේ (පිරිමි) දෙවැනි ස්ථානය දිනාගත් ජාලිය, පළමු වතාවට රට හරහා දිවීමේ තරගයකට සහභාගි වුයේ බියගම පැවැති තරගයේදීය.

පසුගිය වසරේ අනුරාධපුරයේ පැවැති අර්ධ මැරතන් තරගයේ කාන්තා ඉසව්ව ජයගත් මධුමාලී, 2014 වසරේ සිංගප්පුරුවේ පැවැති ජාත්‍යන්තර මැරතන් තරගයකට ද සහභාගිවී තිබේ.

ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය හෙට (29 වැනිදා) බහරේන්’හි මනාමා හිදී පැවැත්වේ.

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡායාරූප: සජීක ජයසිංහ

 


අදහස් (0)

ජාලිය - මධුමාලි ආසියානු රට හරහා දිවීමේ තරගයට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.