Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය විසින් අබුඩාබි නුවරදී ජෛව ආරක්ෂිත බුබුළු තුනක් නිර්මාණය කර තිබේ.
පළමුවැන්න ක්‍රීඩකයින්, සහායක කාර්ය මණ්ඩලය, විනිසුරුවන්, හෝටල් කාර්ය මණ්ඩලය සහ පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන් සඳහාය. වෙනත් හෝටලයකදී දෙවැනි ජෛව ආරක්ෂිත බුබුළ නිර්මාණය කර ඇති අතර එය රූපවාහිනී නිෂ්පාදන කාර්ය මණ්ඩලය සහ තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම් කළමනාකරණ නිලධාරීන් සඳහාය. තවත් හෝටලයකදී තෙවැනි ජෛව ආරක්ෂිත බුබුළ නිර්මාණය කර ඇති අතර එය ක්‍රීඩාංගණයේ සේවක පිරිස සඳහාවේ.
තරගාවලියට යන ක්‍රීඩකයන් පිරිස අබුඩාබි නුවර දක්වා ගෙනයාමට කරච්චි සහ ලාහෝර් සිට එක්සත් අරාබී එමීර් රාජ්‍යයට අයත් අබුඩාබි නුවර වෙත විශේෂ ගුවන් යානා දෙකක් පිටත්වීමට නියමිතය. කණ්ඩායම් හයේම ක්‍රීඩකයන් අද අබුඩාබි බලා පියාසර කිරීමට නියමිත අතර, ජෛව ආරක්‍ෂිත බුබුලට ඇතුළු වීමට පෙර සියලු දෙනාම දින හතක් පුරා ඔවුන්ගේ හෝටල් කාමරවල නිරෝධායනය විය යුතුව තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් දෙදෙනකු වන තිසර පෙරේරා සහ සීකුගේ ප්‍රසන්න ඇතුළු සහාය කාර්ය මණ්ඩලයට අයත් තවත් 8 දෙනෙක් පසුගිය 23 වැනිදා පාකිස්තානයට ගොස් තිබේ. ඔවුන් එහි සිට පාකිස්තානුවන් සමඟ අබුඩාබි බලා පිටත්ව යනු ඇත. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ගුවන් ගමන් තහනම් කර ඇති අතර සියලුම ගුවන් යානා මැයි 26 වනදාට එහි ළඟාවිය යුතුය. කෙසේ වෙතත් විශේෂ ගුවන් ගමන් සඳහා අවසර ඇත.
පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේ දෙවනි අදියරේ තරග කාලසටහන තවමත් ප්‍රකාශයට පත්කර නැත. එහෙත් මෙම තරගාවලිය ජූනි මස 23 වැනිදාට පෙර අවසන් කිරීමට සිදුවන බව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය කියයි. ඊට හේතුව පාකිස්තානු පිලේ එංගලන්ත සංචාරයයි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.