Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තමා සහභාගි වූ සිවුවැනි තරගය ජයගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් ජොකොවික් අද (29 වැනිදා) සමත් විය. ඒ සිවුවැනි වටයේදී ජපානයේ කෙයි නිෂිකෝරිට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමිනි.
එම තරගයේ පළමු වටයේදී ලකුණු 6/2 ක් ලෙස ඩෙවිඩොවිච් පරාජය කළ නිෂිකෝරි, දෙවැනි වටයෙන් ලකුණු 6/0 ක පහසු ජයක් ලබමින් වට 2-0 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය. අවසන් පූර්ව වටයේදී ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වරෙව්ට එරෙහිව ජොකොවික් හෙට (30 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය.
ඔලිම්පික් උළෙලේ ටෙනිස් පිරිමි කේවල ඉසව්වේ පළමු වටය සඳහා ක්‍රීඩකයෝ 64 දෙනෙක් සහභාගි වූහ. පළමු වටයේදී බොලීවියාවේ ඩෙලීන් හූගෝ පරාජය කළ ජොකොවික්, දෙවැනි වටයේදී ජර්මනියේ ස්ට්‍රෆ් ජැන්-ලෙනාඩ්ද, තෙවැනි වටයේදී ස්පාඤ්ඤයේ ඇලජැන්ඩ්‍රෝ ඩෙවිඩොවිච්ද පරාජය කළේය. ඒ අනුව රන් පදක්කම කරා යන ගමනේදී ඔහුට ජයගැනීමට ඇත්තේ තවත් තරග 2 ක් පමණි.
මෙම වසර (2021) තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා තුනක් ජයගෙන සිටින ජොකොවික්ට සෙසු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වන ඇමරිකානු විවෘත ශූරතාවලිය සහ ඔලිම්පික් රන් පදක්කමද ජයගනිමින් ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවකට හිමිකම් කීමේ අවස්ථාව පවතී. මින් පෙර ඔහු පෙබරවාරි මාසයේදී පැවැති ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලිය, ජූනි මාසයේදී පැවති ප්‍රංශ විවෘත ශූරතාවලිය මෙන්ම ජූලි මාසයේදී පැවැති විම්බල්ඩන් ශූරතාවලිය ජය ගැනීමටද ජොකොවික් සමත්ව සිටියි.
‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවක් යනු එක් වසරක් තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 ක් සහ ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමය. ටෙනිස් ඉතිහාසයේ මින් පෙර එවන් දස්කමක් දක්වා ඇත්තේ ජර්මනියේ ස්ටෙෆි ග්‍රාෆ් පමණි. 1988 වසරේදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 මෙන්ම ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමටද ඇය සමත් වූවාය.
මේ වන විට ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් දිනා සිටින ජොකොවික්, ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග සම වාර්තාවකට හිමිකම් කියයි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.