Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජොකොවික් තෙවැනි වටයට

ජොකොවික් තෙවැනි වටයට

editorial - 2021 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උ‍ළෙලේදී තමා සහභාගි වූ දෙවැනි තරගය ජයගනිමින් තෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් ජොකොවික් සමත් විය. ඒ දෙවැනි වටයේදී ජර්මනියේ ස්ට්‍රෆ් ජැන්-ලෙනාඩ්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමිනි.

පළමු වටයේදී ලකුණු 6/4 ක් ලෙස ලෙනාඩ් පරාජය කළ ‍ජොකොවික්, දෙවැනි වටයෙන් ලකුණු 6/3 ක ජයක් ලබමින් වට 2-0 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය. තෙවැනි වටයේදී ජොකොවික්ට එරෙහිව තරග වදින ක්‍රීඩකයා කවුදැයි යන්න තවමත් තීරණය වී නොමැත.

 ඔලිම්පික් උ‍ළෙලේ ටෙනිස් පිරිමි කේවල ඉසව්වේ පළමු වටය සඳහා ක්‍රීඩකයෝ 64 දෙනෙක් සහභාගි වී සිටිති. එබැවින් මෙම තරගයෙන් අනතුරුව රන් පදක්කම කරා යන ගමනේදී ජොකොවික්ට 16 දෙනාගේ වටය, අර්ධ අවසන් පූර්ව වටය සහ අවසන් පූර්ව වටය යන කඩයිම්  පසුකිරීමට සිදුවනු ඇත.

මෙම වසර (2021) තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා තුනක් ‍ජයගෙන සිටින ජොකොවික්ට අනෙක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වන ඇමරිකානු විවෘත ශූරතාවලිය සහ ඔලිම්පික් රන් පදක්කමද ජයගනිමින් ‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවකට හිමිකම් කීමේ අවස්ථාව පවතී.

ඔහු මේ වසරේදී ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලිය, ප්‍රංශ විවෘත ශූරතාවලිය මෙන්ම විම්බල්ඩන් ශූරතාවලියද ජය ගැනීමට  සමත්ව සිටියි.

‘ගෝල්ඩන් ස්ලෑම්’ ශූරතාවක් යනු එක් වසරක් තුළ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 ක් සහ ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමයි. ටෙනිස් ඉතිහාසයේ මින් පෙර එවන් දස්කමක් දක්වා ඇත්තේ ‍ජර්මනියේ ස්ටෙෆි ග්‍රාෆ් පමණි. 1988 වසරේදී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 4 මෙන්ම ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමටද ඇය සමත් වූවාය.

මේ වන විට ඕස්ට්‍රේලියානු විවෘත ශුරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 6 ක්, ඇමරිකානු විවෘත ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශුරතා 2 ක් සමග ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 ක් දිනා සිටින ජොකොවික්, ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ලාභියා ලෙස ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග සම වාර්තාවකට හිමිකම් කියයි.

 


 

-036

 


අදහස් (0)

ජොකොවික් තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.