Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝන් කීල්ස් පිලට ලකුණු 9 ක ජයක්

ජෝන් කීල්ස් පිලට ලකුණු 9 ක ජයක්

editorial - 2021 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-----------------------
රොෂාන් ගුණරත්න
-----------------------

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (22 වැනිදා) පැවැති තරගයකදි හැටන් නැෂනල් බැංකු පිලට එරෙහිව ලකුණු 9 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් පිල සමත්විය. මෙම තරගය පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

කාසියේ වාසිය දිනාගත් හැටන් නැෂනල් බැංකු පිල පළමුව පන්දුවට පහරදීම සඳහා ජෝන් කීල්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 270 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ. ළහිරු මිලන්ත සහ කවින් බණ්ඩාර අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුහ.

ළහිරු මිලන්ත පන්දු 56 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 59 ක් සහ කවින් බණ්ඩාර පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 56 ක් ලබාගත් අතර නායක ඉෂාන් ජයරත්න පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් වේගවත් ලකුණු 47 ක් ලබාගත්තේය.

මාධව වර්ණපුර සහ නවීන් ගුණවර්ධන කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 271 ක ඉලක්කයක් හඹාගිය හැටන් නැෂනල් බැංකු පිලට ඕවර 49.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 261 ක් පමණි.

ඩිල්ෂාන් මුණවීර පන්දු 36 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් සහ චමිඳු විජේසිංහ පන්දු 46 කදි හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළද ජයග්‍රහණයට එයා ප්‍රමාණවත් නොවීය. සඳුන් වීරක්කොඩි සහ දේශාන් ඩයස් ලකුණු 8 බැගින් රැස්කිරිමට සමත්වූහ.

පන්දුවෙන් දස්කම් දැක්වූ ධනංජය ලක්ෂාන් ලකුණු 51 කට කඩුලු 4 ක් සහ සචින්ත පිරීස් ලකුණු 55 කට කඩුලු 3 ක් දවාගනිමින් ජෝන් කීල්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


ජෝන් කීල්ස් - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 270
(ළහිරු මිලන්ත 59, කවින් බණ්ඩාර 56, ධනංජය ලක්ෂාන් 21, සචිත ජයතිලක 28, ඉෂාන් ජයරත්න 47, මාධව වර්ණපුර 28/2, නවීන් ගුණවර්ධන 52/2)

හැටන් නැෂනල් බැංකුව - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී 261
(සඳුන් වීරක්කොඩි 38, සවන් කණ්කානන්ගේ 22, දේශාන් ඩයස් 38, මාධව වර්ණපුර 27, ඩිල්ෂාන් මුණවීර 47, චමිඳු විජේසිංහ 45, ධනංජය ලක්ෂාන් 51/4, සචින්ත පිරීස් 55/3)

 


අදහස් (0)

ජෝන් කීල්ස් පිලට ලකුණු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.