Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ නව ගෘහස්ථ ක්‍රීඩාංගණය හා ශ්‍රවණාගාරය ඉදි කිරීම සදහා රුපියල් කෝටි 10 ක් හෙවත් මිලියන 100 ක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන වලින් ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
ඒ සදහා මුල් ගල තැබීම ඉකුත්දා හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරුණි.දින 90 ක කාලයක් ඇතුළතදී ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙසත් එහිදී ඇමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසුවේ ජෝශප් වාස් විදුහලේ එළිමහන් ක්‍රීඩාංගණය නවීකරණය කිරීම සදහාත් ඉදිරියේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබා දෙන බවයි.
තමන් මෙම දායකත්වයන් ලබා දෙන්නේ ජෝශප් වාස් විදුහලේ වත්මන් ක්‍රීඩා ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කරමින් බවත් මේ වන විට එම විදුහල ඔලිම්පික් නිර්දේශ ලබන මට්ටමේ මලල ක්‍රීඩකයන් පමණක් නොව ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ද බිහි කරමින් සිටින පාසලක් බවට පත් වෙමින් තිබෙන බවත් ඔහු උත්සව සභාව අමතමින් වැඩි දුරටත් පැවැසීය.
1934 දී ආරම්භ කළ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල මේ වන විට සිසුන් 7500 ක් පමණ ඉගෙනුම ලබන පාසලක් බවට පත්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.