Last Update  :  2025-04-21 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටයිකොන්ඩෝ සාග් පදක්කම්ලාභීන්ට උපහාර දැක්වීමේ උත්සවය හෙට

ටයිකොන්ඩෝ සාග් පදක්කම්ලාභීන්ට උපහාර දැක්වීමේ උත්සවය හෙට

editorial - 2021 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ ‘කත්මණ්ඩු’ නුවරදී 2019 දෙසැම්බර් මාසයේදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ටයිකොන්ඩෝ ඉසව්වෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගැයීමේ උත්සවයක් අනිද්දා (26) පස්වරුවේ 4.45 ට තලවතුගොඩ ‘‘ග්‍රෑන්ඩ් මොනාර්ක්’’ හෝටලයේදී පැවැත්වේ.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වෙයි. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා මෙම අවස්ථාවට සහභාගි වන විශේෂ ආරාධිතයෝ වෙති.

13 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව තෙවැනියට වැඩිම රන් පදක්කම් දිනාගත් ක්‍රීඩා ඉසව්ව ටයිකොන්ඩෝ විය. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 7 ක් හා ලෝකඩ පදක්කම් 16 ක් හිමිකර ගැනීමට සමත් විය.

- 223
 


අදහස් (0)

ටයිකොන්ඩෝ සාග් පදක්කම්ලාභීන්ට උපහාර දැක්වීමේ උත්සවය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.