Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටෙන්ඩරයේ කාලය දීර්ඝ කරයි

ටෙන්ඩරයේ කාලය දීර්ඝ කරයි

යොහාන් භාසුර - 2020 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන දහයයි-10 ක්‍රිකට් තරගාවලිය සංවිධායක ආයතනයකට අළෙවි කිරීමේ ටෙන්ඩර්යේ කාලය සතියකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව ටෙන්ඩරය ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කළ බවට ඉදිරි දින දෙක තුළදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළකිරීමට නියමිතය.

මෙම තරගාවලියේ අයිතිය සඳහා ටෙන්ඩර් කැඳවීම මෙම සතියේ අවසන් වීමට නියමිතව තිබුණ ද එහි කාලය ලබන සතිය අවසානය දක්වා දීර්ඝ කිරීමට පසුගිය සතියේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු විශේෂ රැස්වීමේදී තීරණය කළේය. විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් මෙම දහයයි-10 තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කරමින් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ එල්.පී.එල්. තරගාවලිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වීම නිසා දහයයි-10 තරගාවලියට වැඩි ඉල්ලුමක් නිර්මාණය වියහැකි බවයි.

“ටී10 තරගාවලියට ටෙන්ඩර් එක ඉදිරිපත් කළෙත් මීට මාස දෙකකට පමණ පෙර එල්.පී.එල්. තරගාවලියත් සමඟමයි. ඒ දැන් තත්ත්වය වෙනස්. අප හිතනවා වැඩි ඉල්ලුමක් ලැබෙයි කියලා. ඒ නිසා තමයි ටෙන්ඩර් කාලය සතියකින් දීර්ඝ කිරීමට තීරණය කළේ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.

 


අදහස් (0)

ටෙන්ඩරයේ කාලය දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.