Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටේලර් ලස්සන සමුගැනීමක

ටේලර් ලස්සන සමුගැනීමක

editorial - 2022 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ නවසීලන්තයේ මැද පෙළ පිතිකරු රොස් ටේලර්ට ගෞරව මැද සිය තරග දිවියෙන් සමුගත්තේය. එම අවස්ථාවේදී තරගය නැරඹීම සඳහා හැමිල්ටන්හි සෙඩෝන් උද්‍යාන ක්‍රීඩාංගණයට පැමිණ සිටි ප්‍රේක්‍ෂකයෝද තම අසුන්වලින් නැගිට ටේලර්ට ආචාර කළහ. 

ජනවාරි මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගත් රොස් ටේලර්, සංචාරක නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් අනතුරුව තමා වසර 16 ක ක්‍රීඩා දිවිය නිමා කරමින් ජාත්‍යන්තර තරග බිමෙන් සමුගන්නා බවට පවසා තිබිණ. 

මේ වන විට 38 වැනි වියේ පසුවන ටේලර්ට අමතක නොවන සමුගැනීමක් ලබාදුන් කණ්ඩායම් සගයෝ ඔහුට 3-0 ක තරගාවලි ජයක් තිළිණ කළහ. කෙසේ වුවත් සිය අවසන් එක්දින ඉනිම් තුනේදී ටේලර්ට ලබාගත හැකි වූයේ ලකුණු 26 ක් පමණි. 

මෙම තරගය ටේලර් නවසීලන්ත නියෝජනය කරමින් ක්‍රීඩා කළ 450 වැනි ජාත්‍යන්තර තරගය විය. තරගය ආරම්භ කිරීමට පෙර ජාතික ගීය ගායනා කළ අවස්ථාවේදී එක් පසකින් සිය දරුවන්ද, අනෙක් පසින් කණ්ඩායම් සගයන්ද බලා සිටිනා විට ටේලර් කඳුළු සලන අයුරු දැකගත හැකි විය.

ක්‍රීඩාවෙන් සමුගන්නා විට එක්දින ජාත්‍යන්තර තරග 236 කදී ශතක 21 ක් සහ අර්ධ ශතක 51 ක් සමග ලකුණු 8607 ක් රැස්කර ගෙන සිටි ටේලර්, විස්සයි-20 ජාත්‍යන්තර තරග 102 කදී ලකුණු 1909 ක් ලබා සිටියේ අර්ධ ශතක 7 ක් සමගිනි.

-036 

 


අදහස් (0)

ටේලර් ලස්සන සමුගැනීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.