Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ට‍්‍රැවලර් කුසලාන අවසන් තරගය ඉරිදා

ට‍්‍රැවලර් කුසලාන අවසන් තරගය ඉරිදා

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගම්පොළ පාපන්දු ලීගය සංවිධානය කරන 19 වැනි ‘ට‍්‍රැවලර් කුසලාන’ පළමු කොටසේ ලීග් පාපන්දු තරගාවලියේ රෙඞ් සන් ක‍්‍රීඩා සමාජය සහ ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු ක‍්‍රීඩා සමාජය අතර අවසන් මහා තරගය මේ මස 20 වැනිදා (ඉරිදා) පස්වරු 3.30 ට නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය, ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ක‍්‍රීඩා කරන අතර රෙඞ් සන් ක‍්‍රීඩා සමාජය ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන පළමු පෙළ ලීග් පාපන්දු තරගාවලියේ (I වැනි කොටස) ක‍්‍රීඩා කරන කණ්ඩායමයි.

 
රෙඞ් සන් ක‍්‍රීඩා සමාජය මේ දක්වා පැවැති ‘ට‍්‍රැවලර් කුසලාන’ තරගාවලි 18 න් තරගාවලි 16 කම ශූරතාව දිනා තිබීම කැපී පෙනේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී රෙඞ්සන් ක‍්‍රීඩා සමාජයට අනුශූරතාව හිමි විය.


 තරගාවලියේ අවසන් පුර්ව වටයේදී රෙඞ්සන් ක‍්‍රීඩා සමාජය විසින් ගෙලිඔය පාපන්දු සමාජය (දඩුවම් පහර 6-5) පරාජය කරන ලද අතර ක‍්‍රිස්ටල් පැලස් ක‍්‍රීඩා සමාජය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම (ගෝල 4-0) පරාජය කරන ලදී.


සමීර රොෂාන්, රෙඞ් සන් ක‍්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කරන අතර කලීඞ් අස්මිල්, ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු ක‍්‍රීඩා සමාජය මෙහෙයවයි.


තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 50000 ක්ද, අනුශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට රුපියල් 25000 ක්ද සම`ග කුසලාන පිරිනැමේ.


ගම්පොළ පොලිස් කොට්ඨාසයේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා සහ ට‍්‍රැවලර් ග්ලෝබල් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ රිස්මි රියාල් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වේ.


-090

 


රෙඞ් සන් ක‍්‍රීඩා සමාජ පාපන්දු කණ්ඩායම

 


ක‍්‍රිස්ටල් පැලස් පාපන්දු ක‍්‍රීඩා සමාජ කණ්ඩායම

 


අදහස් (0)

ට‍්‍රැවලර් කුසලාන අවසන් තරගය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.