Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩක්වත්/ලූවිස් න්‍යායෙන් ලකුණු සම වෙයි

ඩක්වත්/ලූවිස් න්‍යායෙන් ලකුණු සම වෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති තරගයකදී ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු සමවීමෙන් මුවර්ස් කී‍්‍රඩා සමාජය සහ ද්‍රවිඩ සංගම් පිල අතර තරගය නිමා විය. මෙම තරගය මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මුවර්ස් පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදී  ඕවර් 30 කදී කඩුලූ 7ක් දැවී 170 ක් රැස් කිරීමට සමත්විය.  ඕෂධ ප‍්‍රනාන්දු අර්ධ ශතකයක් (75) ලබා ගත්තේය. පෙරදින රාත‍්‍රියේ වර්ෂාව නිසා තරගය ආරම්භවීම ප‍්‍රමාදවූ අතර තරගය  ඕවර 30 කට සීමාවිය.

ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය ද්‍රවිඩ සංගම් පිලට අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නවත්වනවිට   ඕවර 25.2 කදී කඩුලූ 6ක් දැවී රැස් කරගෙන තිබුනේ ලකුණු 138 ක් පමණි. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව එම අවස්ථාව වනවිට ජයග‍්‍රයණය කිරීමටනම් ලකුණු 139 ක් රැස් කරතිබිය යුතුවිය.

මුවර්ස්  ඕවර 30 කදී කඩුලූ 7ක් දැවී 170
( ඕෂධ ප‍්‍රනාන්දු 75, රමිත් රඹුක්වැල්ල 27/2, සුරංග ලක්මාල් 31/2)

ද්‍රවිඩ සංගම් පිල  ඕවර 25.2 කදී කඩුලූ 6ක් දැවී 138
(පබසර වඩුගේ 37, තිලකරත්න ඩිල්ශාන් 28, රමිත් රඹුක්වැල්ල 25, ජනක ගුණරත්න 34/4)


අදහස් (0)

ඩක්වත්/ලූවිස් න්‍යායෙන් ලකුණු සම වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.