Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිල්ෂාන් මධුශංක සංචිතයට කැඳවයි
වි-20 තරගාවලිය

ඩිල්ෂාන් මධුශංක සංචිතයට කැඳවයි

editorial - 2024 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අනිද්දා (27 වැනිදා) ආරම්භ වන විස්සයි-20 තරගාවලිය සඳහා ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. බදාදා රාත්‍රියේ පැවැති පුහුණුවීම් වලදී පන්දුව වැදීම නිසා නුවන් තුෂාර තුවාල ලැබීය. ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ නුවන් තුෂාර වෙනුවෙනි. 

ශ්‍රී ලංකා සංචිතයට නම්කරන ලැබ සිටි දුෂ්මන්ත චමීර උගුරේ ආබාධයකින් පීඩා විඳින අතර දුෂ්මන්ත චමීර වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලට කැඳවන ලදි. 

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24 වැනිදා) පස්වරුවේදී පුහුණුවීම් කළ අතර ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ විදුලි ආලෝකය මැද පුහුණුවීම් කළේය. 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

ඩිල්ෂාන් මධුශංක සංචිතයට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.