Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කර මාලඹේ රාහුල බාලිකා විදුහලේ පැවති සමස්ත ලංකා පාසල් වයස 20න් සහ වයස 17න් පහළ බාලක, බාලිකා කණ්ඩායම් චෙස් තරගාවලියේ වයස 20න් පහල බාලක ශූරතාව කොළඹ ඩී.එස්. සේනනායක විද්‍යාලය විසින් ද, එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
මෙම තරගාවලිෙය් වයස 17න් පහළ බාලක ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය විසින් ද, එම වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ද දිනා ගන්නා ලදී. තරගාවලිය සඳහා දිවයිනේ පාසල්වලින් වයස 20 න් පහළ බාලක කණ්ඩායම් 15ක්ද, එම වයස් කාණ්ඩයේ බාලිකා කණ්ඩායම් 13ක්ද සහභාගී වූ අතර, වයස 17 න් පහළ බාලක කණ්ඩායම් 20 ක්ද එම වයස් කාණ්ඩයේම බාලිකා කණ්ඩායම් 22ක් සහභාගී වූහ.
එහිදී වයස 20 න් පහළ පාසල් බාලක කණ්ඩායම් ශූරතාව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ද, අනු ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය ද, තෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලය ද දිනා ගත්තේය.
වයස 20න් පහළ පාසල් බාලිකා කණ්ඩායම් ශූරතාව මහනුවර උසස් බාලිකා විද්‍යාලය විසින් ද, අනු ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් ද, තෙවැනි ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
වයස 17 න් පහළ පාසල් බාලක කණ්ඩායම් ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය ද, අනු ශූරතාව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ද, තෙවැනි ස්ථානය මාතර රාහුල විද්‍යාලය ද දිනා ගත්තේය.
වයස 17 න් පහළ බාලිකා පාසල් කණ්ඩායම් ශූරතාව කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ද, අනු ශූරතාව මාතර සුජාතා බාලිකා විද්‍යාලය විසින් ද, තෙවැනි ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.