Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩේවිඩ් බූන්ගෙන් ඕස්ට්‍රේලියානුවන්ටම දඩ

ඩේවිඩ් බූන්ගෙන් ඕස්ට්‍රේලියානුවන්ටම දඩ

editorial - 2020 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන බෝඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරඟයේදී නියමිත වේලාවට නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන්  ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 40% ක දඩයක් සහ අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 4 ක් අහිමි කිරීමටද තරග තීරකවරයා කටයුතු කළේය. තරග තීරකවරයා ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ඬේවිඞ් බූන් මහතා කටයුතු කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රෙගුලාසිවලට අනුව, කණ්ඩායම් නියමිත වේලාවට පන්දු යැවීමට අපොහොසත් වන සෑම ඕවරයක් සඳහාම ප්‍රසාද ලකුණු 2 ක් සහ ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 20% ක් ක දඩයක් පනවනු ලැබේ.

මේ වසර මුලදී, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ප්‍රසාද ලකුණු අහිමිව ගිය පළමු කණ්ඩායම බවට දකුණු අප්‍රිකාව පත්විය. එංගලන්තයට එරෙහිව පැවැති තරගයකදී නියමිත වේලාවට නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් 60% ක දඩයක් සහ අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 6 ක් අඩු කිරීමට තරග තීරකවරයා කටයුතු කළේය.

ඒ අනුව අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 322 දක්වා අඩුවී තිබේ.
 
- 2079

 


අදහස් (0)

ඩේවිඩ් බූන්ගෙන් ඕස්ට්‍රේලියානුවන්ටම දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.