Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිල්රුවන් විශ්ව ටෙස්ට් සංචිතයට කැඳවති

ඩිල්රුවන් විශ්ව ටෙස්ට් සංචිතයට කැඳවති

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 31 වැනිදා අබුඩාබිහිදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සදහා නම් කළ 16 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතයට ඩිල්රුවන් පෙරේරා සහ විශ්ව ප‍්‍රනාන්දු කැදවා තිබේ.

පිට දග පන්දු යවන 31 හැවිරිදි ඩිල්රුවන් පෙරේරා එක්දින තරග 4 කදී සහ විස්සයි20 තරග 3 කදී ශ‍්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ. කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය නියෝජනය කරන ඩිල්රුවන් පසුගිය වසරේ පළමු පෙළ තරගාවලියේ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙසද සම්මාන ලැබීය.

දකුණතින් වේග පන්දු යවන 22 හැවිරිදි විශ්ව ප‍්‍රනාන්දු පළමු පෙළ තරග 15 කදී කඩුලූ 37 ක් දවා ගැනීමට සමත්ව සිටියි. මෙවර පළමු පෙළ තරගාවලියේදී බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන විශ්ව ප‍්‍රනාන්දු මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

මෙම පාකිස්තානු සංචාරයේ විස්සයි20 සහ එක්දින තරගාවලියට සහභාගි නොවූ මහේල ජයවර්ධන සහ රංගන හේරත්ද ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටිති.

 

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, මහේල ජයවර්ධන, ප‍්‍රසන්න ජයවර්ධන, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, විශ්ව ප‍්‍රනාන්දු, සචිත‍්‍ර සේනානායක, නුවන් ප‍්‍රදීප්, රංගන හේරත් සහ ඩිල්රුවන් ප‍්‍රනාන්දු

 


අදහස් (1)

ඩිල්රුවන් විශ්ව ටෙස්ට් සංචිතයට කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.