Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)
ප්‍රචණ්ඩකාරී කුණාටුව මෙන්ම වර්ෂාව පහව ගොස් ඇතත් තරගය ආරම්භ වීම තවත් පැයකට ආසන්න හෝ ඊට වැඩි කාලයකින් ප්‍රමාද වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ගාලු කොටු පවුර ආසන්නයේ පිහිටි රූපවාහිනී කැමරා තුන සහ ඒවා රඳවන අටල්ල ස්ථාවරව සකස් කරගැනීමට තවත් පැයකට ආසන්න කාලයක් ගතවිය හැකි බව ක්‍රීඩාංගණ බලධාරීහු කියති.
මේ වන විට කැමරා තුනම නැවත සවිකර ඇතත්, ඊට ඉහළින් තිබූ වහළය ඉවත් කර තිබේ. මෙම රූපවාහිනී කැමරා තරගය සඳහා අත්‍යවශ්‍ය උපාංගයකි. විනිසුරු තීරණ විමසීමේදී ඒ සඳහා වන ප්‍රධානතම රූප කෝණය සපයන්නේ මෙම කැමරා වලිනි.
අද පෙරවරුවේදී පැවති ප්‍රචණ්ඩකාරී කුණාටුව හේතුවෙන් ගාලු කොටු පවුර අන්තයේ දර්ශන තිරයට ඉහළින් පැවැති අටල්ලේ තිබූ කැමරා තුනම පහතට නැඹුරු විය. එකක් එය බැඳි යකඩ රැඳවුමේ එල්ලෙමින් පැවතිණ.
දර්ශන තිර දෙකද යළිත් සකස් කෙරෙමින් පවතී.
ක්‍රීඩාංගණය වසා පැවැති ආවරණ ඉවත් කරමින් පැවැති නමුත් ක්‍රීඩාංගණ ආවරණ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් පසුව විනිසුරුවරුන් විසින් පිටියේ තත්ත්වය පරීක්‍ෂා කරනු ලැබීමට නියමිතය. ඉන් අනතුරුව තරගය ආරම්භ කරන වේලාව නිශ්චය කරනු ඇත.
(ඡායාරූපය - හිමත් මතීෂ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.