Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග ඇරඹෙන වේලාව වෙනස් කරයි

තරග ඇරඹෙන වේලාව වෙනස් කරයි

editorial - 2021 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලදේශය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග ආරම්භ කරන වේලාව සංශෝධනය කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව සියලු තරග බංග්ලාදේශ වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ කිරීමට නියමිතව ඇති අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 ට ආරම්භ වනු ඇත.

මීට පෙර එක්දින අන්තර්ජාතික තරග බංග්ලාදේශ වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මැයි 23 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි තරගය 25 වැනිදාත්, තෙවැනි තරගය 28 වනදාත් පැවැත්වීමට නියමිතව ඇත. සියළු තරග ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

- 2079

 


අදහස් (0)

තරග ඇරඹෙන වේලාව වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.