Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග පාවාදුන්නාට ලෝක කුසලාන අහිමියි

තරග පාවාදුන්නාට ලෝක කුසලාන අහිමියි

ශනුක අරවින්ද - 2018 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග පාවාසීමකට සම්බන්ධවීම හේතුවෙන් සෞදි අරාබියේ පාපන්දු විනිසුරු ෆහාඞ් අල් මිර්දාසිට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවී තිබේ. මේ හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ විනිසුරු මඬුල්ලෙන්ද ඔහු ඉවත් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පියවර ගෙන ඇත.

සෞදි අරාබියේ පැවැත්වෙන ‘රජුගේ කුසලාන’ පාපන්දු තරගාවලියේ අවසන් තරගය ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත වෙනස් කිරීමට මෙම විනිසුරුවරයා සූදානම් වී තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් බලධාරීන් හමුවේ පාපොච්චාරණය කළේය.

පසුගිය වසරේදී පැවැති කොන්ෆෙඩරේෂන් කුසලාන තරගාලියේදී මෙන්ම 2016 ඔලිම්පික් තරගාවලියේදීත් තරග කිහිපයක්ද විනිශ්චය කළ ෆහාඞ් අල් මිර්දාසි  2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අනුයුක්ත විනිසුරුවන්ගේ මණ්ඩලයට ඇතුළත් කර තිබුණි.

නමුත් පසුගිය මස 30 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසා සිටියේ, ඔහු ඇතුලු ඔහුගේ සහායක විනිසුරුවන් දෙදෙනාටද මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ඇතුලත් විය නොහැකි බවයි. ඒ අනුව අල් මිර්දාසිගේ සහායකයන් වූ මොහොමඞ් අල් අබාරි සහ අබ්දුල්ලා අල්ෂල්වයි යන විනිසුරුවන්ද මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

-024

 

 


අදහස් (0)

තරග පාවාදුන්නාට ලෝක කුසලාන අහිමියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.