Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරාධිත විස්සයි20 තරගාවලියේ හෙට (20 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ක් අනිද්දා (සෙනසුරාදා) දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ක්‍රීඩකයන් සහ සහයක කාර්ය මණ්ඩලය මේ වනවිට රැඳී සිටින හෝටලයේ සේවකන් 14 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනවී ඇති බව හදුනා ගැනීම හේතුවෙන් අද පැවැත්වීමට නියමිත තිබූ තරග දිනකින් කල් දැමීමට සිදුවිය.
අගෝස්තු 17 වන දින කරන ලද සාමාන්‍ය පී.සී.ආර් පරීක්ෂණයකදී හෝටලයේ සේවකයින් කිහිප දෙනකුට කොවිඩ් වයිරසය අසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති නමුත් එම සේවකයන් ක්‍රීඩකයන් මෙන්ම සහයක කාර්ය මණ්ඩලය සමඟ ඍජු සම්බන්ධතා පවත්වා නැත. කොරෝනා ආසාදිත සේවකයන් හඳුනා ගැනීමෙන් පසුව, පූර්වාරක්ෂාව සඳහා ක්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩලය වෙනත් හෝටල් දෙකකට මාරු කර ඊයේ (19 වැනිදා) පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය වූ අතර තරඟාවලිය පැවැත්වෙන කාලය තුළ වැඩිදුර පරීක්ෂණ සඳහා ලක් කෙරෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.