Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
තේරීම් කමිටුවේ අනුමැතිය නොලැබුණ ද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන තර්ජනී ෂිවලිංගම් හා තිළිණි වත්තේගෙදර ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ඉල්ලා තිබේ.
තිළිණි වත්තේගෙදර අතිරේක ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට දැනටමත් නිර්දේශ වී තිබේ. එහෙත්, අවසන් තේරීම් සඳහා සහභාගි නොවුණු, දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන තර්ජනී ෂිවලිංගම් අතිරේක ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කරගැනීම සඳහා මේ වන විට දැල්පන්දු සම්මේලනය ක්‍රීඩා ඇමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
ජාතික දැල්පන්දු පුහුණුකාරිනි හයිසින්ත් විජේසිංහ මහත්මිය තේරීම් කමිටුව නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සංශෝධනය කිරීම සඳහා දැඩිව ඉල්ලීම් කරමින් ක්‍රීඩා ඇමැතිවරයාට ලිපියක් යොමු කළ බව වාර්තා විය. එහි වුවමනාව වන්නේ, ඉහත ක්‍රීඩිකාවන් දෙදෙනා ශ්‍රී ලංකා සංචිත කණ්ඩායමට ඇතුළත් කරගැනීමය.
කෙසේ වුවත්, ජාතික දැල්පන්දු තේරීම් කමිටුව කළ අවසන් තේරීම් වෙනස් කළ නොහැකි බවට එහි සභාපතිනි දමයන්ති ජයතිලක මහත්මිය ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සඳහා ඉල්ලීම් කළ පාර්ශ්ව වෙත දැඩිව අවධාරණය කර තිබේ.
ඒ අතර, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව මේ සම්බන්ධයෙන් දැල්පන්දු තේරීම් කමිටුවෙන් කළ බව කියන ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් දමයන්ති ජයතිලක මහත්මිය සිය කණස්සල්ල පළ කර සිටි බව ද වාර්තා වේ. එහිදී ජාතික පුහුණුකාරිනියගේ හැසිරීම සම්බන්ධයෙන් දැල්පන්දු තේරීම් කමිටුවේ අප්‍රසාදය පළ වී තිබේ.
ජාතික පුහුණුකාරිනිය තේරීම් කමිටුව නිර්දේශ කළ අවසන් තේරීම් සඳහා සිය එකඟතාව පළ කර, පසුව එය නැවත සංශෝධනය කළ යුතු බවට කරන ඉල්ලීම් ඇගේ වගකීමෙන් තොර හැසිරීමක් ලෙස තේරීම් කමිටුව අවධාරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය මෙසේ පැවැසුවාය.
“කුමන සංශෝධනයක් සිදු වුණත් අවසන් තේරීම්වලට ඇතුළත් වෙලා ඉන්න ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් කරන්නේ නෑ. අපි සියලු දෙනාගේ එකම උත්සාහය ආසියානු කුසලානය රැක ගැනීමයි.
මේ වගේ වෙලාවක ජාතික පුහුණුකාරිනිය හෝ ක්‍රීඩිකාවන් මානසිකව කඩාවට්ටන දේවල්වලින් අප ඈත්විය යුතුයි. මේක දිනලා ආවාට පස්සේ අපි ඔය කියන අනිත් අඩුපාඩු කතා කරමු. මොකද අපේ අවසාන ඉලක්කය ලෝක කුසලාන තරගාවලිය වන නිසයි.‘‘
මේ අතර, ලබන සැප්තැම්බර් 3 සිට 11වැනිදා දක්වා සිංගප්පූරුවේදී පැවැත්වෙන 12වැනි ආසියානු කුසලාන දැල්පන්දු ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ගයාංජලී අමරවංශත්, උප නායිකාව ලෙස දුලාංගි වන්නිතිලකත් නිර්දේශ කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වසර 2009 සිට ක්‍රීඩා කරන 43 හැවිරිදි තර්ජනී ෂිවලිංගම් ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් තීරණාත්මක ක්‍රීඩිකාවක් වන බව ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය ප්‍රකාශ කර තිබේ.
අඩි 6 අඟල් 11ක් උසැති ලෝකයේ උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස තවදුරටත් සලකන තර්ජනී ෂිවලිංගම් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙමින් ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට කැමැති බව මේ වන විට ප්‍රකාශ කර තිබේ.
අතිරේක ක්‍රීඩිකා තිළිණි වත්තේගෙදර අවසන් වරට පැවැති 11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ (2018) ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට ද ක්‍රීඩා කළ ක්‍රීඩිකාවකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.