Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් විද්‍යාලය අ.අ.පූර්ව වටයට

තර්ස්ටන් විද්‍යාලය අ.අ.පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (1 වැනිදා) සමත්විය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත්විය.

තර්ස්ටන් විද්‍යාලයේ අයේෂ් හර්ෂණ සහ රනේෂ් සිල්වා අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන්ද අයේෂ් හර්ෂණ කඩුලු 4 ක් සහ සඳරු ඩයස් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූහ.

කේසර නුවන්ත දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 8 ත් සමගින් ලකුණු 130 කට කඩුලු 11 ක් දවාගනිමින් සාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය. රිසිර ලක්වින් සහ ශෂික දුල්ෂාන් අර්ධ ශතක ලබාගැනීමට සමත්වූහ.


තර්ස්ටන් විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 79.4 කදී සියලුදෙනා දැවී ලකුණු 283
(අයේෂ් හර්ෂණ 71, රනේෂ් සිල්වා 51, බවන්ත ජයසිංහ 35, යොහාන් ලියනගේ 26, නිමේෂ් පෙරේරා 26, කේසර නුවන්ත 74/3, චේතක දෙනුවන් 31/2, මතීෂ මදුශාන් 33/2, ශෂික දුල්ෂාන් 70/2)

සා.සර්වේශස් විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 71.3 කදී සියලුදෙනා දැවී ලකුණු 208
(රිසිර ලක්වින් 55, ශෂික දුල්ෂාන් 51, කේසර නුවන්ත 33, පසිඳු මනුප්‍රිය 36, අයේෂ් හර්ෂණ 67/4, සඳරු ඩයස් 79/3, බවන්ත ජයසිංහ 21/2, බවන්ත ජයසිංහ 21/2)

තර්ස්ටන් විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 35.1 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(ජයවිහාන් මහවිතාන 39, අයේෂ් හර්ෂණ 35, කේසර නුවන්ත 56/8, ශෂික දුල්ෂාන් 38/2)

 


අදහස් (0)

තර්ස්ටන් විද්‍යාලය අ.අ.පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.