Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තර්ස්ටන් - සහිරා - ආනන්ද - ඇලවීෂියස් ජය ලබති
පාසල් රග්බි ලීගය

තර්ස්ටන් - සහිරා - ආනන්ද - ඇලවීෂියස් ජය ලබති

editorial - 2022 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ 'බී' කාණ්ඩය යටතේ අද (23 වැනිදා) පැවති තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ තර්ස්ටන්, මරදාන සහිරා, කොළඹ ආනන්ද සහ ගාල්ල ඇලවීෂියස් විදුහල් සමත් වූහ.

කොටහේන ශාන්ත බෙනඩික් විදුහලට එරෙහිව තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජයැගනීමට තර්ස්ටන් විදුහල සමත් වූයේ ලකුණු 39-10 ක් ලෙසිනි. එහිදී තර්ස්ටන් විදුහල ගෝල දිනුම් 4 ක්, උත්සාහක දිනුමක්, දඬුවම් පරක් සහ ‍ඩ්‍රෙප් ගෝලයක් මගින් ලකුණු රැස්කළ අතර ශාන්ත බෙනඩික් විදුහල ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් 2 ක් මගිනි.

කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව එම විදුහල් ක්‍රීඩාංගණයේ‍ පැවැති තරගයේදී සහිරා විදුහල ලකුණු 32-00 ක පහසු ජයක් ලැබීය. එහිදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 5 ක් මගින් ලකුණු රැස්කළ සහිරා ක්‍රීඩකයෝ, මලි‍යදේව ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ.

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලට එරෙහිව බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ආනන්ද විදුහලට ලකුණු 10-05 ක ජයක් හිමිවිය. එහිදී ආනන්ද විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද, ශාන්ත සිල්වෙස්ටර් විදුහල උත්සාහක දිනුමක් මගින්ද ලකුණු ලබාගත්හ.

මොරටුව වේල්ස් කුමරුවන්ට එරෙහිව සිය විදුහල් ක්‍රීඩාංගණයේදී තරග වැදුණ ශාන්ත ඇලවීෂියස් ක්‍රීඩකයෝ එම තරගයෙන් ලකුණු 26-22 ක ජයක් ලැබූහ. එහිදී ඇලවීෂියස් විදුහල ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගින්ද, වේල්ස් කුමර විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින්ද ලකුණු රැස්කළහ.

පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තවත් තරග 2 ක් හෙට (24 වැනිදා) සහ අනිද්දා (25 වැනිදා) පැවැත්වීමට නියමිතය. එහිදී කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව කොළඹ මහානාම විදුහල රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීද, කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව මහනුවර ශ්‍රී සුමංගල විදුහල කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ඇත.

අද (24 වැනිදා) පැවැති තරග

  • තර්ස්ටන් විදුහල විසින් ලකුණු 39-10 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික් විදුහල පරාජය කරන ලදි.
  • මරදාන සහිරා විදුහල විසින් ලකුණු 32-00 ක් ලෙස කුරුණෑගල මලියදේව විදුහල පරාජය කරන ලදි.
  • කොළඹ ආනන්ද විදුහල විසින් ලකුණු 10-05 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරන ලදි.
  • ගාල්ල ඇවීෂියස් විදුහල විසින් ලකුණු 26-22 ක් ලෙස මොරටුව වේල්ස්කුමර විදුහල පරාජය  කරන ලදි.

 


අදහස් (0)

තර්ස්ටන් - සහිරා - ආනන්ද - ඇලවීෂියස් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.