Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තහනම නිමා වීමට පෙර අමීර් පිටියට

තහනම නිමා වීමට පෙර අමීර් පිටියට

ශනුක අරවින්ද - 2014 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 5 ක තරග තහනමකට ලක්ව සිටින පාස්කිතාන වේගපන්දු යවන කී‍්‍රඩක මොහොමඞ් අමීර්ට ඔහුගේ තරග තහනම නිමා වීමට මාස කිහිපයකට පෙර දේශීය තරග වලට සහභාගී වීමේ අවස්ථාව ලබාදෙන ලෙස අන්තර් ජාතික කි‍්‍රකට් සභාවට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට පාකිස්තාන කි‍්‍රකට් පාළක මණ්ඩලයේ සභාපතිවරයා සූදානම් වෙයි.

තමනමට ලක්වූ කී‍්‍රඩකයන්ට ඔවුන්ගේ තහනම නිමා වීමට මාස කිහිපයකට පෙර දේශීය තරග වලට සහභාගී වීමේ අවස්ථාව ලැබෙන පරිදි නීති රීති ළිහිල් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව ඊයේ (10 වැනිදා) පියවර ගත්තේය. මෙම නීති වෙනස් කිරීමෙන් විශාලම වාසිය අත්වන්නේ මොහොමඞ් අමීර්ටය.

අන්තර් ජාතික කි‍්‍රකට් සභාව පවසන්නේ තහනම නිමා වීමට පෙර කිසියම් කී‍්‍රඩකයකු දේශීය තරග වලට සහභාගී කරවනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණය ගත යුත්තේ අදාළ රටේ කි‍්‍රකට් පාළක මණ්ඩලය, අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ සභාපති රූනි ෆ්ලැනගන් මහතා සහ අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ කි‍්‍රකට් මණ්ඩලය බවයි.

විසි දෙහැවිරිදි වියේ පසුවූ මෙහොමඞ් අමීර්, එවකට පාකිස්තාන ටෙස්ට් පිලේ නායකයා වූ සල්මන් බට් සහ වේග පන්දුයවන්නකු වන මොහොමඞ් අසීෆ්, 2010 වසරේදී එංලන්තයට එරෙහිව ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී නිපන්දු යැවීම වෙනුවෙන් මුදල් ලබාගැනීම නිසා තරග තහනමකට ලක්විය.

ඒ අනුව අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්ධන ඒකක විසින් මෙහොමඞ් අමීර්ට වසර 5 ක තරග තහනමක්ද, සල්මන් බට්ට වසර 5 ක අත්හිටවූ තරග තහනමක් සමගින් වසර 10 ක තරග තහනමක්ද, මොහොමඞ් අසීෆ්ට වසර 2 ක අත්හිටවූ තරග තහනමක් සමගින් වසර 7 ක තරග තහනමක්ද නියම කරන ලදි. ඊට අමතරව ඔවුන් තිදෙනාටම බි‍්‍රතාන්‍යයේ සිර දඬුවම් විඳීමටද සිදුවිය.

මේ දිනවල නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුර, මේ පිළිබඳව අඳහස් දැක්වූ පාකිස්තාන කි‍්‍රකට් පාළක මණ්ඩලයේ සභාපති ශාරියාර් ඛාන් මහතා ”අමීර් ගැන තීරණයක් ගන්න දැන් අපිට වැඩි අවස්ථාවක් තියෙනවා” යැයි ප‍්‍රංශ පුවත් සේවයට පැවසීය.

”අමීර් මේ වෙනකොට එයාගේ වැරදි තේරුම් අරගෙන ඒවා නිවැරදි කරගෙන තියෙනවා. ඒ ගැන අපි හුගක් සතුටු වෙනවා. ඒ වගේම අන්තර් ජාතික කි‍්‍රකට් සභාවත් සමග ලබන ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රැුස්වීමේදී ඔහු පිළිබඳව අවසන් තීරණයකට එන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයිද සභාපති වරයා කියා සිටියේය.

කෙසේ වුවත් සල්මන් බට් සහ මෙහොමඞ් අසීෆ් තවමත් ඔවුන්ගේ පුනුරුත්ථාපන කටයුතු සාර්ථකව නිමා කර නොමැති බැවින් දැන්මම ඔවුන් කෙරෙහි බුරුලක් දැක්වීමට තමා සූදානම් නැති බවත් ඛාන් මහතා අවධාරණය කර සිටියේය.

-036

 


අදහස් (0)

තහනම නිමා වීමට පෙර අමීර් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.