Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මහේල - සංගා අභියෝග කුසලාන වෙනුවෙන් කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික දෙදින ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය.
තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නාලන්දා ක්‍රීඩකයෝ කඩුලු 7 ක් දැවී ලකුණු 153 ක් ලබා සිටියහ. එහිදී විනුජ රන්පුල් පන්දු 93 කින් ලකුණු 67 ක් රැස්කිරීමට සමත් වූයේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ත්‍රිත්ව විදුහල වෙනුවෙන් සුපුන් වඩුගේ ලකුණු 46 කට කඩුලු 5 ක් බිඳහෙළීය.
පළමු දිනය වූ ඊයේ (25 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 267 ක් ලබා සිටි ත්‍රිත්ව විදුහලට අද දිනයේදී සිය පළමු ඉනිමට එක්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. ත්‍රිත්ව ඉනිමේ අවසන් කඩුල්ලත් සමග ලකුණු 106 කට කඩුලු 5 ක් දවාගැනීමට රවීන් ද සිල්වා සමත් විය.
ත්‍රිත්ව විදුහල ලබාගත් ලකුණු 275 ට පිළිතුරු වශයෙන් නාලන්දා විදුහලට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143 ක් පමණි. ලකුණු 68 කට කඩුලු 6 ක් දවාගත් මනුල කුලතුංග නාලන්දා විදුහල් පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පෙරමුණ ගත්තේය. ඒ සඳහා ඔහුට අනගි සහයක් දුන් දිනුක තෙන්නකෝන් ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 275
(විදුක ධම්මගේ 23, රනුද සෝමරත්න 91, රහල් අමරසිංහ 75, මනුක කුලරත්න නොදැවී 30, දිනුක තෙන්නකෝන් 15, රවීන් ද සිල්වා 106/5, ලිසුර සිගේරා 26/2)
නාලන්දා විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 143
(රවීන් ද සිල්වා 27, එරංග ජයකොඩි 46, දිනෙත් සමරවික්‍රම 25, මනුල කුලතුංග 68/6, දිනුක තෙන්නකෝන් 23/3)
නාලන්දා විදුහල් දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 153
(රුසිරු විලෝචන 19, විනුජ රන්පුල් 67, එරංග ජයකොඩි 16, සුපුන් වඩුගේ 46/5)
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.