Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (7 වැනිදා) පැවැති තරග වලදී ජයග්‍රහණ ලබාගැනීමට නාවික හමුදාව, යුදහමුදා ‘ඒ’, යුදහමුදා ‘බී’ සහ ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම් සමත්වූහ.
කෝල්ට්ස් පිල පරාජය කළ නාවික හමුදා පිලට කඩුලු 10 ක ජයක් ද, ගුවන් හමුදා ‘බී’ පිල පරාජය කළ යුදහමුදා ‘බී’ පිලට කඩුලු 9 ක ජයක් ද හිමිවිය. හලාවත මේරියන්ස් පිලට එරෙහිව ලකුණු 143 ක ජයක් හිමිකර ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ පිල සමත්වූ අතර සීනිගම පිලට එරෙහිව ලකුණු 16 ක ජයක් හිමිකර ගැනීමට යුදහමුදා ‘ඒ’ පිල සමත්විය.
ගුවන් හමුදා ‘ඒ’ පිලේ ළිහිණි අප්සරා හලාවත මේරියන්ස් පිලට එරෙහිව පන්දු 160 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 127 ක් ලබාගනිමින් අද දිනයේදී වාර්තා වූ එකම ශතකයට කිමිකම් කියුවාය. ගුවන් හමුදා ‘ඒ’ පිලේ චමරි පොල්ගම්පොල සහ හලාවත මේරියන්ස් පිලේ මල්ෂා මදුෂානී අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ පිතිකාරිණියෝ වූහ.
ගුවන් හමුදා ‘බී’ පිලට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ යුදහමුදා ‘බී’ පිලේ මදාරා සමරකෝන් නිලකුණු ඕවර 2 ක් ද සමගින් සිය ඕවර 10 ලකුණු 10 කට සීමාකරමින් කඩුලු 5 ක් දවාගත්තාය.
නාවික හමුදා පිලට කඩුලු 10 ක ජයක්
කෝල්ට්ස් සහ නාවික හමුදා කාන්තා කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් - ඕවර 36.1 කදී සියලුදෙනා දැවී 44
(හංසිමා කරුණාරත්න 02/2, ඉනෝකා රණවීර 08/2, උදේෂිකා 10/2, තාරිකා සෙව්වන්දි 13/2)
නාවික හමුදාව - ඕවර 9.4 කදී කිසිවකු නොදැවී 45
(හසිනි පෙරේරා නොදැවී 29)
---------------------------------------------------------------------------------------------------------------
යුදහමුදා ‘බී’ පිලට කඩුලු 9 ක ජයක්
ගුවන් හමුදා ‘බී’ සහ යුදහමුදා ‘බී’ කාන්තා කණ්ඩායම් අතර හෝමාගම යුදහමුදා ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදා ‘බී’ - ඕවර 32.1 කදී සියලුදෙනා දැවී 51
(මදාරා සමරකෝන් 10/5, නිෂාන්ති පද්මචන්ද්‍ර 11/2)
යුදහමුදා ‘බී’ - ඕවර 13.3 කදී කඩුල්ලක් දැවී 52
(ඉරේෂා දමයන්ති නොදැවී 22)
---------------------------------------------------------------------------------------------------------------
ගුවන් හමුදා ‘ඒ’ පිලට ලකුණු 143 ක ජයක්
හලාවත මේරියන්ස් සහ ගුවන් හමුදා ‘ඒ’ කාන්තා කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදා ‘ඒ’ - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 288
(ළිහිණි අප්සරා 127, චමරි පොල්ගම්පොල 55, ඩිලානි මනෝදරා 46, අමා කාංචනා නොදැවී 25)
හලාවත මේරියන්ස් - ඕවර 46.3 කදී සියලුදෙනා දැවී 145
(මල්ෂා මදුෂානී 51, චමරි අතපත්තු 26, ඕෂදී රණසිංහ 23/2, ඉනෝෂී ප්‍රනාන්දු 33/2, අමා කාංචනා 36/2)
---------------------------------------------------------------------------------------------------------------
හමුදා ‘ඒ’ පිලට ලකුණු 16 ක ජයක්
සීනිගම සහ යුදහමුදා ‘ඒ’ කාන්තා කණ්ඩායම් අතර හික්කඩුව එම්.සී.සී. ක්‍රීඩාංගණයේදී
යුදහමුදා ‘ඒ’ - ඕවර 42.4 කදී සියලුදෙනා දැවී 139
(අනුෂ්කා සංජීවනී 22, රෝෂිණී පෙරේරා 21, විහාරා සෙව්වන්දි 13/2, සුලේෂා සත්සරණි 20/2, සචිනි නිසංසලා 21/2)
සීනිගම - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී 123
(නවෝද්‍යා නෙත්මිණි 28, ඉමල්කා මෙන්ඩිස් 13/2, සුගන්දිකා කුමාරී 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.