Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තායිවානයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්: රිදී දෙකක්

තායිවානයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්: රිදී දෙකක්

editorial - 2024 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

චීන  -  තායිපේ හිදී නිමාවට  පත්වූ  චින - තායිපේ  විවෘත  මලල  ක්‍රීඩා තරගාවලියේදී  ශ්‍රී ලංකාව  රන්  පදක්කම්  තුනක් හා රිදී  පදක්කම්  දෙකක් දිනා ගත්තේය.

තායිපේ  තරග සංචාරය  සදහා  මෙම  ශ්‍රී  ලංකා  මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවන්  පිරිස සහභාගි වූයේ විශේෂයෙන්ම  එළඹෙන 2024 පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  කර ගැනීමේ  තවත් උත්සාහයක නිරතවීමක් ලෙසිනි.

එහිදී  තරුෂි දිල්සරා   කරුණාරත්නගේ දක්ෂතා යළිත් කැපී පෙණුනි. මීටර් 400 (කාන්තා) ඉසව්වෙන් තත්පර 52.48 ක දක්ෂතාවයක්ද හා මිටර් 800 (කාන්තා) ඉසව්වෙන් විනාඩි 2 තත්පර 05.74 ක දක්ෂතාවයක්ද දක්වමින් තරුෂි මෙහිදී  රන්  පදක්කම්  දෙකක් දිනා ගැනීමට  සමත් වූවාය.

සෙසු  ශ්‍රී  ලංකා  රන්  පදක්කම  දිනා ගත්තේ මීටර්  400 (පිරිමි) ඉසව්වෙන්  අනුර  දර්ශනය. තත්පර 45.82 කාලයක්  ඒ සදහා  ඔහු වැය  කළේය.

හෙල්ල  විසි කිරීමේ ශ්‍රී  ලංකා  ක්‍රිඩිකා නදීෂා  දිල්හානි ලේකම්ගේට තායිපේ  නුවරදී  හිමි වූයේ රිදී  පදක්කමයි. ඒ මීටර් 52.79 කටය.මීට පෙර හෙල්ල විසිකිරීමේ (කාන්තා) ඉසව්වෙන් මීටර් 61.57 ක  දක්ෂතාවයක් පෙන්වා ඇති දිල්හානි පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  ලබා ගැනීමට  නම් අවම මීටර්  64.00 දක්ෂතාවයක් පළ කළ යුතුය.

මේ අතර ශ්‍රී  ලංකා ක්‍රීඩිකා ගයන්තිකා  අබේරත්න  මීටර් 1500 (කාන්තා)  ඉසව්වෙන්  විනාඩි 4 තත්පර 24.66 කට  හිමි කර ගත්තේද රිදී  පදක්කමකි. මෙම ඉසව්වේ  ක්‍රීඩිකාවකගේ පැරිස් ඔලිම්පික් අවම සුදුසුකම වන්නේ විනාඩි 4. තත්පර 02.50 කි.

මීටර් 400 ආසියානු රන්  පදක්කම්ලාභීණි  නදීෂා  රාමනායකගේ දක්ෂතා අඩාල වූ තායිපේ  තරගාවලියේදී ඇයට ඉසව්වේ  හිමිවූයේ සිව් වැනි ස්ථානයයි. ඒ තත්පර 53.93 කටය. මෙම  තරග සංචාරයේදී  ශ්‍රී  ලංකා කණ්ඩායමේ  නිල පුහුණුකරු මෙන්ම කණ්ඩායම් කළමනාකරු  ලෙසත් අසංක රාජකරුණා මහතා කටයුතු කළේය.

ද්විත්ව  රන් පදක්කම්ලාභීණි  තරුෂි කරුණාරත්නගේ පෞද්ගලික  පුහුණුකරු  සුසන්ත පෙරේරා  මහතාද මෙම  තරග සංචාරයට එක් විය.


අදහස් (0)

තායිවානයේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්: රිදී දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.