Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තීරණයකට ආලෝකය හරස් වෙයි

තීරණයකට ආලෝකය හරස් වෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති වරාය අධිකාරිය සහ එස්. එස්. සී පිල අතර තරගය අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ජය පරාජයෙන් තොරව අතහැර දමන ලදි. මෙම තරගය එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

වරාය අධිකාරිය පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට එස්. එස්. සී පිලට ආරාධනා කළ අතර  ඕවර් 26 කදී කඩුලූ 4ක් දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 167 ක් පමණි. තිළණ කණ්ඩම්බි නොදැවී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය. පෙරදින රාත‍්‍රියේ වර්ෂාව නිසා තරගය ආරම්භවීම ප‍්‍රමාදවූ අතර තරගය  ඕවර 26 කට සීමාවිය.

වරාය අධිකාරි පිල ලකුණු 168 ක ඉලක්කයක් හඹාගියද අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නවත්වනවිට   ඕවර 18.2 කදී කඩුලූ 4ක් දැවී රැුස් කරගෙන තිබුනේ ලකුණු 117 ක් පමණි. ඩක්වත් ලූවිස් න්‍යයායට අනුව තරගයේ ජයග‍්‍රයණය තීරණය කිරීමට හෝ අවම වශයෙන්  ඕවර් 20ක් යවා තිබිය යුතුය. එම නිසා තරගය ජය පරාජයෙන් තොරව අතහැර දමන ලදි.

එස්.එස්.සී  ඕවර 26 කදී කඩුලූ 4ක් දැවී 167
(තිළිණ කණ්ඩම්බි නොදැවී 73, කෞශාල් සිල්වා 35, කෞශාල් ලොකුආරච්චි නොදැවී 21)

වරාය අධිකාරිය  ඕවර 18.2 කදී කඩුලූ 4ක් දැවී 117
(අශාන් ප‍්‍රියන්ජන් 66, සචිත‍්‍ර සේරසිංහ නොදැවී 21)


අදහස් (0)

තීරණයකට ආලෝකය හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.