Last Update  :  2024-11-24 17:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුන්වැනි වරටත් සියැට් අනුග‍්‍රහය

තුන්වැනි වරටත් සියැට් අනුග‍්‍රහය

රොෂාන් ගුණරත්න - 2016 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සංවිධානය කරන ‘සියැට් ශ්‍රී ලංකා සුපර් සීරීස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරග මාලාව සඳහා පිට පිටම තෙවැනි වරටත් අනුග‍්‍රහය දැක්වීමට දිවයිනේ ප‍්‍රමුඛතම ටයර් සමාගමක් වන සියැට් සමාගම ඉදිරිපත්ව සිටියි.


තරගාවලි 4 කින් සමන්විත මෙම තරගාවලි මාලාවට කැවල්රි සුපර්ක්‍රොස් (ජුනි 11 සහ 12), පන්නල කලාප - පළමු අදියර (ජූලි 29 සහ 31), කමාන්ඩෝ චැලෙන්ජ් (ඔක්තෝම්බර් 8 සහ 9) සහ කලාප - දෙවැනි අදියර (නොවැම්බර් 12 සහ 13) අයත් වේ.

කමාන්ඩෝ චැලේන්ජ් තරගාවලිය පවත්වනු ලබන්නේ ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් භූමියේ අලූතින් ඉදිකරන ලද සුපර්ක්‍රොස් ධාවන පථයේදීය.


‘සියැට් ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරගාවලි මාලාවට අමතරව ශ‍්‍රී ලංකා යුද හමුදාව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මව් සංගමය සංවිධානය කරන මෝටර් රථ තරග සඳහාද සියැට් සමාගම සහයෝගය ලබාදෙයි.


ෆෝඞ් ලේසර්/මැස්ඩා කාණ්ඩයේ සිලින්ඩර් ධාරිතාව 1300 දක්වා සහ සිලින්ඩර් ධාරිතාව 1500 දක්වා වන තරග මෙන්ම නිසාන් මාච් කාණ්ඩයේ සිලින්ඩර් ධාරිතාව 1000 දක්වා වන මෝටර් රථ තරග සඳහාද ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරයි. මෙම තරග සඳහා සහභාගි වන සියල්ල සඳහා සියලූම මෝටර් රථ රියැදුරෝ සියැට් රේඩියල් ටයර් භාවිතා කරති.


 


ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති නිෂාන් වාසලතන්ත‍්‍රී මහතා ‘සියැට් ශ්‍රී ලංකා සුපර් සීරීස්’ ශුරතාවලියට අදාළ අනුග‍්‍රාහක චෙක්පත සියැට් ශ‍්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී විජේ ගාම්භීරේ මහතගෙන් ලබාගත් අවස්ථාව..... එම සංගමයේ කමිටු සාමාජික රොඞ්නි මේසන් (වමේ) සහ සියැට් ශ‍්‍රී ලංකා සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ උප සභාපති රවී ඩඞ්ලානි යන මහත්වරුද මෙහි සිටිති.

 

- 036

 


අදහස් (0)

තුන්වැනි වරටත් සියැට් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.