Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුර්ක්මෙනිස්ථානයට සටනක් දී පරදී

තුර්ක්මෙනිස්ථානයට සටනක් දී පරදී

editorial - 2024 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

පාකිස්තානයේ  ලාහෝර්  නුවරදී  පැවැත්වෙන  මධ්‍යම  ආසියානු  ජාතීන්ගේ  ලීග් වොලිබෝල්  (පිරිමි) තරගාවලියේදී ශ්‍රී  ල‍‍ංකාව  ඊයේ (16) මුහුණ  දුන් මූලික  වටයේ සිය අවසන්  තරගයෙන් තුර්ක්මෙනිස්ථානයට වට 3/0ක (25/21 - 25/19 - 25/19 ) ක පරාජයක් ලැබීය.

ඒ හේතුවෙන් ඔවුන්ට අද (17) පැවැත්වෙන තරගාවලියේ  අවසන්  මහ තරගයට නිර්දේෂ ලබා ගැනීමේ අවස්ථාව  මග හැරී ගියේය. ප්‍රබල  ඉරානය පරාජය  කිරීමෙන් පෙරේදා (15) මෙම  තරගාවලියේදී ඉහළම  අවධානය දිනා ගත් ශ්‍රී  ල‍‍ංකා  කණ්ඩායම ඊයේ තරගයේදී පරාජය  පෙනි පෙනීත්   ප්‍රතිවාදීන්ට තියුණු සටනක් දීමට සමත් විය.

ඊයේ රාත්‍රියේදී මූලික වටය නිමා කරමින්  පැවැත්වීමට නියමිතව  තිබූ සත්කාරක  පාකිස්තානය  හා ඉරානය අතර  තරගයෙන් පාකිස්තානය ජය ගත්තේ නම් අද පැවැත්වෙන  තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයට ශ්‍රී  ලංකාව එක් පසෙකින්  නිර්දේශ වීමේ අවස්ථාව  හිමිව  තිබුණි.

ශ්‍රී  ල‍‍ංකාව මෙම  තරගාවලියේදී  ඇෆ්ගනිස්තානයත් පරාජය කළ අතර පෙර පැවැති  මූලික  වටයේ තවත් තරග දෙකකදී කිරිගිස්තානයට හා පාකිස්තානයට  පරාජය විය. අවසන් මහ තරගය අද පැවැත්වෙන්නේ පාකිස්තානය සහ තුර්ක්මෙනිස්ථානය අතරය. ප්‍රබල ඉරානය ශ්‍රී  ලංකාවට පෙරේදා  පරාජය  වීමෙන් ඔවුන්ට සිදුවූ ලොකුම හානිය වූයේ අවසන් මහ තරගයේ අවස්ථාව ඔවුන්ගෙන් ගිළිහී යාමය.

 


අදහස් (0)

තුර්ක්මෙනිස්ථානයට සටනක් දී පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.