Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික කණ්ඩායම් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වලට සහභාගි වීමේදී එය විධිමත්ව පාලනය කිරීම සහ විධිමත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අංක 2194/54 යටතේ පසුගිය සැප්තැම්බර් මස 23 වැනිදා නිකුත් කළ එම අති විශේෂ ගැසට් නිවේදනයෙන් නියෝග ගණනාවක් ප්‍රසිද්ධ කර තිබේ.
“1986.01.20 දිනැති හා අංක 385/7් දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග මගින් සංශෝධිත 1974 සැප්තැම්බර් මස 20 වැනි දින අංක 130 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද 1974 අංක 3 දරන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩාවලට සහභාගීවන්නන් පාලනය කිරීමේ නියෝග” ලෙස එහි සඳහන් වේ.
මෙහිදී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට වැඩි බලතල ලබාදීම තිබීම වඩාත් කැපී පෙනේ. එහිදී ක්‍රීඩා සංගම්වල තේරීම් කමිටු පත්කිරීමේදී මෙතෙක් පැවැති ක්‍රමවේදයට අනුව ආදාළ සංගමය විසින් සිය තේරීම් කමිටු සාමාජිකයන් නිර්දේශ කරන ලදී. නව ගැසට් නිවේදනය හමුවේ ජාතික තේරීම් කමිටුව නිර්දේශ කිරීමේ බලය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට ලබාදී තිබේ.
“සියලුම ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලනයන්හි තේරීම් කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත්කිරීමේ බලය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවෙන් පමණක් සිදුවිය යුතු අතර තේරීම් තරග පවත්වන දිනයන්, ස්ථානයන්, අදාල විස්තර සහ තේරීම් නිර්ණායකවන් පිළිබඳව තොරතුරු දින 14 කට ප්‍රථම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත දැනුම්දිය යුතුය. එම සියලු පිටපත් ලිඛිතව එදිනම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත ද ඉදිරිපත් කළ යුතුය. එසේ ඉදිරිපත් නොකරන ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලනවල තේරීම් තරග සහ ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලනයන්හි සභාපති/ලේකම් හා පුහුණුකරුවන්ගේ පෞද්ගලික අභිමතය පරිදි පවත්වන ලද තේරීම් තරග සහ තෝරාගැනීම් ද අහෝසි කිරීමේ බලය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සතුය” ලෙස තේරීම් කමිටු සහ තේරීම් තරග පිළිබඳව එම ගැසට් පත්‍රයේ සඳහන් වේ.
එම ගැසට් පත්‍රයේ 2.6 වගන්තිය ‘ඉ’ සිට ‘ක’ දක්වා අනු වගන්ති නවයක් යටතේ තේරීම් තරග පවත්වන ආකාරය, ජාතික ක්‍රීඩා සංගම්වල තේරීම් කමිටු පත්කිරීම, ජාතික ක්‍රීඩා සංචිත පවත්වාගෙන යෑම සහ ජාතික කණ්ඩායම් සඳහා සංචිත තේරීම යන ප්‍රධාන කරුණු සඳහා නව වගන්ති පනවා තිබේ.
“ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ අනුමැතිය ලබාගැනීමට පෙර කිසිඳු ජාත්‍යන්තර තරගාවලියක් සඳහා නාමයෝජනා ලබා නොදිය යුතු අතර පුහුණුකරුවන්/කළමනාකරුවන්/සහායක පුහුණුකරුවන්/ක්‍රීඩා අභ්‍යාසක/සම්භාහකවරුන් එම ජාත්‍යන්තර තරගාවලි සඳහා නිර්දේශ කිරීමේදී නිසි ක්‍රමවේදයක් ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලන විසින් අනුගමනය කළ යුතු අතර ඊට පහත නිර්ණායක අනුව සකස් කර ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ එකඟතාවය ලබාගත යුතුය.
(අ) මේ දක්වා ක්‍රීඩා ක්ෂේත්‍රයට ලබාදී ඇති දායකත්වය
(ආ) ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරීත්වය
(ඇ) අදාළ ක්‍රීඩාව පිළිබඳ දැනුම, අවබෝධය සහ අත්දැකීම්
(ඈ) ක්‍රීඩකයකු/පුහුණුකරුවකු ලෙස දක්වන ලද දක්‍ෂතා” ලෙස එම ගැසට් පත්‍රයේ 2.6 ‘ක’ වගන්තියේ ජාතික කණ්ඩායම් සම්බන්ධයෙන් නියෝග පනවා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.