Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කළුතර තිස්ස මැදි විදුහල අද (12 වැනිදා) සමත් විය. තිස්ස මැදි විදුහල I වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාවද මෙයයි.
කොට්ටේ ආනන්ද ශ්රාස්ත්රාල ක්රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් තිස්ස මැදි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
කෝට්ටේ ආනන්ද ශ්රස්ත්රාලයට එරෙහිව කළුතරදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් තිස්ස මැදි විදුහල අවසන් පූර්ව වටයට පිවිසි අතර පානදුර රාජකීය විදුහලට අවසන් පූර්ව වටයට පිවිසියේ රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව පානදුරදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලබාගත් ප්රසාද ලකුණු අනුවය.
කළුතර තිස්ස මැදි විදුහල පළමු ඉනිම - ඕවර 45.2 කදී කඩුලු 9 ක් දැවී 149
(මිතිර තේනුර 70, සචින් චමුදිත 25/3, තිවංක සිල්වා 53/2)
පානදුර රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 61 කදී සියලු දෙනා දැවී 139
(තරිඳු හර්ෂණ 42, හර්ෂික සිල්වා 27/3, මිතිර තේනුර 38/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.